Thursday, May 13, 2010

ගොළු කවිය

කාංසියට කවි ලීවට
යාප්පුවෙන් හිත හදාන
හාංකවිසියක් නෑ හිත
පාං පැලට ගිනි තියන්න
ආත්මයෙන් ආත්මයට
නුඹ මගෙ හිත නොදු‍ටුවාට
වාං කරන් ඉන්නෙ කෝම
යාං හෑලි අඳෝනාව.....
රාං කුරුල්ලන් ගැවසෙන
අවකාසෙට මං ආවම
ලාස්සනට ගෙත්තම් කල
ගී රස පදවැල් දු‍ටුහම
තාම්පුරා නාද ඇහෙන
ගී හද පොත මඟ කීවම
වාවා ගෙන ඉන්නෙ කෝම
දෝර ගලන කවි උල්පත......
කාර්තුවෙන් කාර්තුවට
වසර ගණන් දුව ගියාට
කාත් කවුරුවත් නෑ වෙන
වාං දමන හිත් දොර ළඟ
යාන්තමින් යාන්තමට
ඔබ ළඟ හිත ගොළු උනාට
තාත්විකයි නුඹෙ සෙනහස
මාත්තරා නැති උනාට.........

14 comments:

  1. wow...! this is inborn talent... what kept it shut so long...? totally synchronizes with my taste... no words to explain...

    ReplyDelete
  2. @ තිස්ස දොඩන්ගොඩ
    you really made my day kindred spirit... getting such a comment from someone like you is such a joy. i know your taste through your blog ayya... that's why i invited you to read my poems in the first place....
    "i came, i saw, i conquered"

    ReplyDelete
  3. නෙතු..කවිය නම් හරි.................ම ලස්සනයි..
    ඇයි ගොළු කියන එක තමා මගෙ ප්‍රශ්නෙ..

    ReplyDelete
  4. Superb...

    තාත්විකයි නුඹෙ සෙනහස
    මාත්තරා නැති උනාට.........

    I love above part too much..

    ReplyDelete
  5. Superb!
    I am not able to key in words; your miraculous verses completely and tightly closed the thinking pad for a while.

    (sorry for writing in English, I gone blank)

    ReplyDelete
  6. @ චේජනා
    මේ කවිය පිදෙන අය හට එය නෙත නොගැටෙන හින්දා යි එහෙම නම් කරන්න හිතුනෙ..

    @ පිස්සා
    ඔයාටත් මට වගේම පිස්සු නිසා නෙමේ නේද එහෙම හිතුනෙ...කොහොම උනත් ඒ පද දෙක තමා මුලු කවියෙම පදනම.. ඒක තේරුණු කෙනෙක් පිස්සෙක් කියන්නෙ කෝම?

    @ ගල්මල්-Coral
    thanking you is just not enough.. if ever you know how much these comments mean to me...

    ReplyDelete
  7. ඇත්තටම හරිම සුන්දර කවි සංකල්පනාවක්!!!!!!!!
    අගෙයි අගෙයි නෙතූ :)

    ReplyDelete
  8. උන්හිටිතැන් අමතකව ගියා සොයුරියේ.....කොහේද මේ කවිහිත වහංගු කරන් හිටියෙ...උපරිමයෙන් රසවින්දා....

    සුලා...

    ReplyDelete
  9. @ M
    අගේ කල වදන් වල අගය කියා නිම කල නොහැක

    @ සුලා
    හුරු පුරුදු "ආශ්වාදනීය සුළඟ".. ආයුබෝවන්.
    ඔබ අතරමයි.

    ReplyDelete
  10. ම් ම් ....
    මාත්තරා ගණන් කරන්
    නේත්තරා වහන් කරන්
    ඇයි ඉන්නේ බොහෝ දුරින්
    දුක් නොවන්න නඟේ ඉතින්

    නෙතූ බලන්න ආව
    මම
    ෴වත්෴

    ReplyDelete
  11. කාංසියට කවි ලියද්දි
    පාන්පැලට මල් පුදද්දි
    ගී උල්පත ගලා යද්දි
    සිත ගොලුවී නතර වෙද්දි
    කාර්තුවෙන් කාර්තුවට
    ලඟම රැදෙයි හැමදාමත්
    මාත්තරා නැති උනාට
    සෙනෙහස ඔබ ලඟ තියේවි.!!

    ReplyDelete
  12. meaka thamayi mama FB eke damme . . maara lassanai appaa . .. !!!

    ReplyDelete
  13. @ wath

    නේත්තරා වහන් උනත්
    මාත්තරා රිදුම් දෙතත්
    ලඟින් ඉන්නෙ නුඹට සිතින්
    සොඳුරු සිතට ආයුබොවන්


    @ nimanthi .

    කාංසියට කවි ලිය ලිය
    පාන්පැලට මල් පිදුවම
    රෑ අහසෙ නිල් තරු එලි
    දිලිහි දිලිහි තනි ‍රැක්කම
    වේලි බැඳන් සිරවනවිට
    මා ලය බුබුල'න උල්පත
    මන්දාකිණියක සෙනෙහස
    සිත්තම තනියට හිඳීවි.!!


    @ දුකා

    අනේ ඇත්තද අප්පා...! මොනවා කියන්නද මං දන්නේ නෑ..
    "thank you for being with me and sharing this with others"

    ReplyDelete
  14. උල්පත ! ඔයාගේ කවි අරං අනුන් රවටන හොරෙක් *සිහින පියාපත්* කියලා ඉන්නවා මේං බලන්න -----------https://www.facebook.com/sihinapiyapath

    ReplyDelete