පෑල දිගින් අන්තිම හිරු රැස් බිඳුවත් වියැකෙද්දී
ගාල් බැඳන් එන කරුවල ලාම්පු එළි දල්වද්දි
සාංකාව පිල් කඩ පැන ගෙයි අහුමුළු ඉවලද්දී
රාත්තිරිය දිගු වෙන බව මගෙ හිත මට කොඳුරද්දී
හීන් සැරේ නෙතු මානෙන් මුළු ගැන්වුණු සිත සිත්තම්
ඇඟිලි තුඩින් පෑන් තුඩට කාන්දු වුණු කව් ගෙත්තම්
රාත්තිරිය පහන් වුණත් නොනිදාලන ලය රිද්දම්
හෙමින් සැරේ ලියා සරමි නන්නාඳුන ලොව නිම්හිම්
සංවේදන ගතකුරු පණකුරු එකිනෙක මුහුකෙරුවම
සංහිඳියාවට ලී කව් නෙක නෙක රිද්මෙන් තීවම
සංවාදය අතර පතර ඒ කව් පද ඔප දැමුවම
සංසාරික ගමන් මගක නව මිතු දම් එක් වූවම
පෑල දිගින් අන්තිම හිරු රැස් බිඳ වියැකී ගියාට
රෑ කරුවල ගාල් බැඳන් මා වටකොට තෙරපුණාට
තනිකම ගෙයි අහුමුල්ලෙම තනියම මුළු ගැන්වුණාට
රාත්තිරිය පහන් වුණා කවි පද වැල් ඇමිණුනාට
Friday, June 18, 2010
Sunday, June 13, 2010
දින
Wednesday, June 2, 2010
මා නොලී කවි
මේ ටිකේ කවි ලියා ගන්න තරම් නිස්කාංසුවක් නැති නිසා හිතුවා මම කියවපු පහත සඳහන් කවි ටික ඔබ සමඟ බෙදා ගන්න.. වසර දහසයකට පමණ පෙර පාසලේ පුස්තකාලයේ පිටු ගැළව ගිය පොතක තිබූ මේ කවි මගේ හිතේ තවම රැඳී තියෙනවා. සමාවෙන්න ලියූවේ කවුරුන් දැයි නොදනිමි..
අවසන් පෙම (Last Love)
ගෙවෙන දින දෙස බලා
අතිමහත් භක්තියෙන්
අතිමහත් මුදු බවින්
පෙම් කරන්නෙමුය අපි...
සමු ගැන්මෙ සන් එළිය
සැදෑ අහසෙහි නැගී
දිලෙන්
තව තව දිලෙන්
අවසාන ප්‍රේමයේ....
අහස් වියනෙන් අඩක්
අඳුරු ඇඟළුම් ලද්දි
පෑල දිග අහස් කොණ
එල්බ ගත් එළි බිඳක්
බිදින් බිද මුදාලයි
සැඳෑ එලියක කැළුම්....
ඉදින්,
තව තව ඉදින්
නොයා ඉක්මන් ගමන්
සොඳුරු සැන්දෑ එලිය
නහර තුල ලේ ගමන දුබල වුව
හදවතේ මුදු ගුණය නැත ගෙවී
අහෝ!
අමතමි ඔබට මා
අවසන් පෙම,
ප්රහර්ශය......
පීඩනය.....
සතුට...... හා
නට පැතුම්......
මේ සියල්ලම ඔබය.
සිහින බිඳ වැටී ගොස් (My former dreams have long since vanished)
සිහින බිඳ වැටී ගොස්
සකල ආශා තුනි වී
මිය ගොස් නිශ්ඵල හදවත
ඉතිරි කර දුක් වේදනා....
ගිළිහිලා පත් පත් කිරුළෙහි
කුරිරුය දෙන පහර දෛවය
සන්තාපය පැමිණ
ගිලගෙන ආත්මය
සිටිමි එන තෙක්
දුකින් අවසානය.....
වහින විට තුහින
මූසල අහස යට
විඳ විඳ සී පහර
ගෙන එන සුළඟ
ශීත මිටි පහර කා ගුලි ගැහී
හිරි වැටී වෙව්ලමින් සැලි සැලී
අත්තක ඇලී ගෙන පතක්
ඉන්නේ හරියටම මේ ලෙසය....
පෙම් කළෙමි මම් ඔබට (I loved you and that love refusing to die...)
පෙම් කළෙමි මම් ඔබට
කවුරු දනිත්ද ඒ පෙම
මරණය පිළිකෙව් කොට
තවම මා තුල
දැල්වෙනු විය හැක ...
නොතැලුවෙමි ඔබ සිත
අදහන්න මා
දැන දැනම කිසිවිටෙක
නොතැලුවෙමි මා ඔබ
ඵලක් නොමලැබෙන බව
දත් නමුදු
නිහඬවම පෙම් කළෙමි ඔබට මා..
තිරසාර මිදු පබා
විහිදුවන මා පෙම,
කුලෑටිය....
ඉසි බවින් බරය...
ප්රචණ්ඩය....
දෙවියනි,
දෙනු මැනවි
වෙනත් කෙනෙකුට ශක්තිය
එවන් පෙමකින් ඔබ පුදන්නට.......
අවසන් පෙම (Last Love)
ගෙවෙන දින දෙස බලා
අතිමහත් භක්තියෙන්
අතිමහත් මුදු බවින්
පෙම් කරන්නෙමුය අපි...
සමු ගැන්මෙ සන් එළිය
සැදෑ අහසෙහි නැගී
දිලෙන්
තව තව දිලෙන්
අවසාන ප්‍රේමයේ....
අහස් වියනෙන් අඩක්
අඳුරු ඇඟළුම් ලද්දි
පෑල දිග අහස් කොණ
එල්බ ගත් එළි බිඳක්
බිදින් බිද මුදාලයි
සැඳෑ එලියක කැළුම්....
ඉදින්,
තව තව ඉදින්
නොයා ඉක්මන් ගමන්
සොඳුරු සැන්දෑ එලිය
නහර තුල ලේ ගමන දුබල වුව
හදවතේ මුදු ගුණය නැත ගෙවී
අහෝ!
අමතමි ඔබට මා
අවසන් පෙම,
ප්රහර්ශය......
පීඩනය.....
සතුට...... හා
නට පැතුම්......
මේ සියල්ලම ඔබය.
සිහින බිඳ වැටී ගොස් (My former dreams have long since vanished)
සිහින බිඳ වැටී ගොස්
සකල ආශා තුනි වී
මිය ගොස් නිශ්ඵල හදවත
ඉතිරි කර දුක් වේදනා....
ගිළිහිලා පත් පත් කිරුළෙහි
කුරිරුය දෙන පහර දෛවය
සන්තාපය පැමිණ
ගිලගෙන ආත්මය
සිටිමි එන තෙක්
දුකින් අවසානය.....
වහින විට තුහින
මූසල අහස යට
විඳ විඳ සී පහර
ගෙන එන සුළඟ
ශීත මිටි පහර කා ගුලි ගැහී
හිරි වැටී වෙව්ලමින් සැලි සැලී
අත්තක ඇලී ගෙන පතක්
ඉන්නේ හරියටම මේ ලෙසය....
පෙම් කළෙමි මම් ඔබට (I loved you and that love refusing to die...)
පෙම් කළෙමි මම් ඔබට
කවුරු දනිත්ද ඒ පෙම
මරණය පිළිකෙව් කොට
තවම මා තුල
දැල්වෙනු විය හැක ...
නොතැලුවෙමි ඔබ සිත
අදහන්න මා
දැන දැනම කිසිවිටෙක
නොතැලුවෙමි මා ඔබ
ඵලක් නොමලැබෙන බව
දත් නමුදු
නිහඬවම පෙම් කළෙමි ඔබට මා..
තිරසාර මිදු පබා
විහිදුවන මා පෙම,
කුලෑටිය....
ඉසි බවින් බරය...
ප්රචණ්ඩය....
දෙවියනි,
දෙනු මැනවි
වෙනත් කෙනෙකුට ශක්තිය
එවන් පෙමකින් ඔබ පුදන්නට.......
Subscribe to:
Posts (Atom)

