ගයන්නම්
නිද්‍රා ගීයක්
ඇවැසි නම් නිදන්නට
විඩාබර නෙතු පියට...
වයන්නම්
මුදු සොඳුරු තනුවක්
වාරු ගෙන
අතැඟිලි තුඩින්
පිරිමදින හද වෙණ තතින්...
සදන්නම්
සුව යහනක්
අඳුරු මුත්
සොඳුරු වන පෙතෙහි
ඈත ගැඹුරක...
නමුදු...
බිඳුණහොත්
ඒ සොඳුරු නිද්‍රාව..
පිරිපහදු කළ නොහී
මළ බැඳෙන තත්
නින්නාද නොම නැගුන
තනුව මා...
නිනව් නැති ගම් දනව් සරා ගොස්
හිම කතර නතර වූ
හීතලෙන් හිරිවැටුණු
පවන මා...
පදෙන් පද කඳුළු වැල් අමුණමින්
විඩෙන් විඩ සුසුම් රළ පා කෙරූ
මුවින් මුව නිරන්තර රැව් නොදුන්
කවිය මා
Wednesday, May 26, 2010
Sunday, May 23, 2010
සිතුවිලි - "ඇය" සහ "ඔහු"
ඇය........
නිහඬතාවය බිඳින
රිය සක කැරකැවෙන
හඬ පමණි
ඇය මුනිවත රකියි
සිතා දැන් දැන්
ඔහු තෙපළතැයි
මුදු වදනක්
හෙළතැයි මඳ සිනාවක්....
පශ්චත්තාපය
වෙළා මුළු හද මඬල
නෙත් බොඳව
ළය සිරව යනු වැනිය
වියළි තොල්පට
තෙමා දිවගින්
හෙළු සුසුමින් පා කර හරනට
හිතේ වූ බරපොදිය
එක්වනම
රියේ වේගය වැඩි වුයෙන්
නෙත් කොණින් යොමා
ඔහු වෙත බැල්ම
තක්සේරු කරන්නට
ඔහු සිතුවිලි.......
රෑ පුරා වැළපුණෙන්
ඉදිමුණු දෙනෙත් දැවෙනුයෙන්
වසා පිටි අත්ලින්
සිහිල විඳ මොහොතක්
අළුත ඉනු කඳුල ද
තලා පිස එනයින්
ඉදිරියටම ඇදෙන
රියේ කවුළු දොරින්
බලා හිස් බැල්මෙන්
නේක වූ දසුන්
පටලා අතැඟිලි
හිස නවා ගති..........
ඔහු....
සීමා කළ යුතුය
උදය වරුවට මේ සැම
නොවේනම්
සති අන්තයම ගෙවීයයි
මේ අයුරින්ම.........
ඵලක් නැති දෙයකට
රැයත් නිදි වැරූ නිසාවෙන්
මඳක් ගිමන් හළ යුතුය
අද සැන්දෑව.......
නළල් තලය රැළි නඟා
සවන් යොමයි
කොහෙන් එන හඬක්ද ඒ
පසුපසින්?
ඉදිරියෙන්?
නෑ නෑ පසුපසින්!
වම ද දකුණ ද?...
ඉදිරිපස පුවරුව දෙස
යොමයි නෙතු
කෙසේ ගිමන් හරින්නද
නඩත්තුව පිණිස
ගෙන යා යුතුමය
අද අදම.....
නැතිනම්,
හෙට සිට දිගටම
කාලයක් නැහැ ඉතින්
ඉක්මණින් යා යුතුයි
තව තවත් වේගයෙන්.....
Thursday, May 20, 2010
වරදකාරි

ගේ අද්දර වතුසුදු මල් මං නැතුවට පිපෙනවාද
නංගි වැවුව උඳුපියලිය නුඹෙ පා සුවපත් කළාද
පිළිකන්නේ රඹ පඳුරේ දැන් රඹ කැන් පීදිලාද
තාප්ප බැඳ තනි වෙන කොට හිතවත්කම් අඩුවෙලාද
පෝය දාට පුරහඳ ඔහෙ දිලිහි දිලිහි තියෙනවාද
හැම පෝයෙම නොවැරදීම නුඹ තව සිල් ගන්නවාද
නුඹ බලන්න දානෙ උයන් එන්න කෙනෙක් ඉන්නවාද
ඒ නැතුවම උදේ රැයින් තනිව උයා ගන්නවාද
අපි එනතුරු මඟ බලමින් හැන්දෑවේ ඉන්නවාද
නංගිගෙ වැල්වටාරමුත් තොරක් නැතුව අහනවාද
සති අන්තෙදිවත් ගෙදරට දැන් අයියා එන්නෙ නැද්ද
අයියගෙ පොඩි උන් බලන්න අම්මා එහෙ ගියේ නැද්ද
නංගිගෙ මංගල්ලේ වැඩ තීන්දු කරගෙන ගියාද
මං එන්නැති බව හිතාන නෝක්කාඩු කියනවාද
ඒ වැඩ ටික කරට අරන් කරල දෙන්න කෙනෙක් නැද්ද
ඊට පස්සෙ නුඹෙ තනිකම මට දරන්න ඇහැක් වෙයිද
නුඹෙ හැටවෙනි උපන්දිනෙත් නුඹට මතක නැති උනාට
ලෝක මව්වරුන්ගෙ දිනෙන් නුඹට වැඩක් නැති උනාට
අපි දුන්නොත් මිස කවදත් කිසිවක් නුඹ නොගත්තාට
මං එවනා ඩොලර් වලින් නුඹට ඵලක් නැති උනාට
තාත්තා වෙන් වෙලා අපෙන් විසි වසරක් වුණා නේද
ඒ උනාට හැම වසරෙම අළුත් ඇඳුම් දුන්නා නේද
ඒ ඇඳුමුත් මදි කියමින් නුඹෙ හිත අපි තැළුව නේද
ඒ උනාට නුඹ අඳින්නෙ මොනාද අපි නම් බැළුවද
මගෙ පොත් ටික මේසය උඩ තවම තියන් ඉන්නවාද
දැන් ඒ පොත් පත් බලන්න කිසිම කෙනෙක් කැමති නැද්ද
නුඹේ හීන සුන් කෙරුවට මට තවමත් බනිනවාද
ඒ කළ පව ජාති ජාතිවත් ගෙවන්න හැකි වේවිද
අයියගෙ දරුවන්ට අම්මා අපිට වගෙම ආදරේද
අක්කාගෙන් මගෙ පාඩුව හිතු තරමට පිරුනෙ නැත්ද
මගෙ දරුවොත් ආවොත් ඔහෙ මහ ගෙදරක් වෙලා නේද
අපි එනකල් මඟ බලමින් අම්මෙ නුඹ ඉන්නවාද
විසි වෙනි දානේ දෙන්නට මට එන්නට බැරි උනාට
මෙහෙ තනියෙන් දන් බෙදුවේ වරදකාරි හිත හදන්ට
ඒ කළ පිං සියල්ලක්ම මං පිදුවෙ නුඹ දෙපළට
තාත්තාට නිවන් සුවය නිරෝගි සුවයත් නුඹහට
Saturday, May 15, 2010
අස්වැද්දුම
මුලාවෙන් විකල් වී
හිරු රැසත් උණුසුම්
ජරපත් ව ඇතියෙන්
උදුරුවාලිය යුතුය විගසින්
හෙට ලොව දකිනු වස්
නවමු දිවි පැතුමන්කෙලෙස නම් අස්වද්දවන්නෙම්
විසල් මෙ'දියත
දැන නොදැන හසරක්
දැන නොදැන හසරක්
ගෙවූ කාලය අවසන්
හිරු රැසත් උණුසුම්
මඳ නල වෙළෙයි එනමුත්
සමගුණය ඇති මුත්නැත එහි කිසිදු ජවයක්......
අකලට වුවද ඵලගත්
නිය ගැසූ දිවි පැතුමන්
වියළි වූ පරඬැල් සෙයින්
නිය ගැසූ දිවි පැතුමන්
වියළි වූ පරඬැල් සෙයින්
දිරාපත් වී බෝ කල්
විහිදවුනු අක් මුල්
ගැඹරෙහි පුරා ඇති මුත්ජරපත් ව ඇතියෙන්
උදුරුවාලිය යුතුය විගසින්
හෙට ලොව දකිනු වස්
නවමු දිවි පැතුමන්
ඉරිතැලුණු හදකින්....
Thursday, May 13, 2010
ගොළු කවිය
කාංසියට කවි ලීවට
යාප්පුවෙන් හිත හදාන
හාංකවිසියක් නෑ හිත
පාං පැලට ගිනි තියන්න
ආත්මයෙන් ආත්මයට
නුඹ මගෙ හිත නොදුටුවාට
වාං කරන් ඉන්නෙ කෝම
යාං හෑලි අඳෝනාව.....
රාං කුරුල්ලන් ගැවසෙන
අවකාසෙට මං ආවම
ලාස්සනට ගෙත්තම් කල
ගී රස පදවැල් දුටුහම
තාම්පුරා නාද ඇහෙන
ගී හද පොත මඟ කීවම
වාවා ගෙන ඉන්නෙ කෝම
දෝර ගලන කවි උල්පත......
කාර්තුවෙන් කාර්තුවට
වසර ගණන් දුව ගියාට
කාත් කවුරුවත් නෑ වෙන
වාං දමන හිත් දොර ළඟ
යාන්තමින් යාන්තමට
ඔබ ළඟ හිත ගොළු උනාට
තාත්විකයි නුඹෙ සෙනහස
මාත්තරා නැති උනාට.........
යාප්පුවෙන් හිත හදාන
හාංකවිසියක් නෑ හිත
පාං පැලට ගිනි තියන්න
ආත්මයෙන් ආත්මයට
නුඹ මගෙ හිත නොදුටුවාට
වාං කරන් ඉන්නෙ කෝම
යාං හෑලි අඳෝනාව.....
රාං කුරුල්ලන් ගැවසෙන
අවකාසෙට මං ආවම
ලාස්සනට ගෙත්තම් කල
ගී රස පදවැල් දුටුහම
තාම්පුරා නාද ඇහෙන
ගී හද පොත මඟ කීවම
වාවා ගෙන ඉන්නෙ කෝම
දෝර ගලන කවි උල්පත......
කාර්තුවෙන් කාර්තුවට
වසර ගණන් දුව ගියාට
කාත් කවුරුවත් නෑ වෙන
වාං දමන හිත් දොර ළඟ
යාන්තමින් යාන්තමට
ඔබ ළඟ හිත ගොළු උනාට
තාත්විකයි නුඹෙ සෙනහස
මාත්තරා නැති උනාට.........
Tuesday, May 11, 2010
භාවනාවක් වන්න
සිතේ දොර'ගුළු ලන්න
සිතෙද්දී පවසන්න
සිත සංවේදනා
කිම තැවෙනු
යමෙක් වේ දැයි
ඒ අදහන.....
තරු අහස යට
මහ පොලොව මෙන්
තුටු කඳුල
සෝ සුසුම
තනි සිතින් විඳ ගන්න......
හෙලි පෙහෙලි වූ පමණින්
සිත් පුරාලූ හීන
සමච්චල් පාච්චල්
වේ නම් පිලිවදන්........
ඵල වේද කිසිවකුට
හෙලි පෙහෙලි වූ පමණින්
සිත් හි වූ වේදනා......
හුදු කුතුහලය මිස
නැත කිසිදු අගයක්
ඉනික්බිති....
විශ්වයම ගීතයකි
ඇහුම් කන් දෙන්න ඔබ
නිහඬවම...
විපිළිසර විශ්වයක
භාවනාවක් වන්න ඔබ
නිරතුරුව...
සිතෙද්දී පවසන්න
සිත සංවේදනා
කිම තැවෙනු
යමෙක් වේ දැයි
ඒ අදහන.....
තරු අහස යට
මහ පොලොව මෙන්
තුටු කඳුල
සෝ සුසුම
තනි සිතින් විඳ ගන්න......
හෙලි පෙහෙලි වූ පමණින්
සිත් පුරාලූ හීන
සමච්චල් පාච්චල්
වේ නම් පිලිවදන්........
ඵල වේද කිසිවකුට
හෙලි පෙහෙලි වූ පමණින්
සිත් හි වූ වේදනා......
හුදු කුතුහලය මිස
නැත කිසිදු අගයක්
ඉනික්බිති....
විශ්වයම ගීතයකි
ඇහුම් කන් දෙන්න ඔබ
නිහඬවම...
විපිළිසර විශ්වයක
භාවනාවක් වන්න ඔබ
නිරතුරුව...
Saturday, May 1, 2010
උල්පත සිඳී
රෑහී හඬක්
නො ඇසුකන්ව
කදෝ එළියක්
දුටත් නුදුටුවන්ව
විඳවන්න ජීවිතය
හති හලා
දුව දුවා
විඳින්නට අමතකවු
දිවි කතර...
පහුරු ගා
අනලස්ව ගැඹුරු තැන්
රිද්දවා හොයන්නම්
පාදන්න බැරුව ගිය
උල්පත්...
පූදින්න පොරාතුව
මිලානව
මිහිදන්ව ගිය නමුත්
හීන මල්....
නොවූවොත් එහි යමක්???
විය නොහැක එවැන්නක්
තව වැරෙන් කණින්නම්
වැලි බොරළු
මැටි පස් ද
ඉවත් කොට සොයන්නම්
එද නොවී නම්!!!
මා අසරණයි.....
මැද්දෑවෙ හමුවෙනා
බුබුළු ලන ලෝ දියෙන්
ගිනි වැදුණු
හදින් මම ලියන්නම්
ඔබ නොරිස්සන නමුත්
මාද නොකමැති නමුත්
මන්ද,
උල්පත සිඳී ඇති බැව්නි
නො ඇසුකන්ව
කදෝ එළියක්
දුටත් නුදුටුවන්ව
විඳවන්න ජීවිතය
හති හලා
දුව දුවා
විඳින්නට අමතකවු
දිවි කතර...
පහුරු ගා
අනලස්ව ගැඹුරු තැන්
රිද්දවා හොයන්නම්
පාදන්න බැරුව ගිය
උල්පත්...
පූදින්න පොරාතුව
මිලානව
මිහිදන්ව ගිය නමුත්
හීන මල්....
නොවූවොත් එහි යමක්???
විය නොහැක එවැන්නක්
තව වැරෙන් කණින්නම්
වැලි බොරළු
මැටි පස් ද
ඉවත් කොට සොයන්නම්
එද නොවී නම්!!!
මා අසරණයි.....
මැද්දෑවෙ හමුවෙනා
බුබුළු ලන ලෝ දියෙන්
ගිනි වැදුණු
හදින් මම ලියන්නම්
ඔබ නොරිස්සන නමුත්
මාද නොකමැති නමුත්
මන්ද,
උල්පත සිඳී ඇති බැව්නි
Subscribe to:
Posts (Atom)
