නෙත් කෙවෙනි කකියා
එන විට කඳුල නලියා
උන් නමුත් තෙරපා
නොපෙනෙන අයුරු පිටුපා
ඔබ පා වඳින සඳ
නෙත වූ කඳුළු දුටුවෙන
මා නොවේ ඔබ ගැන
ඇවිලු ගින්දර තවත් දැල්වෙත
උපන් ගෙයි දඟකම්
හිතුමතේ කළ දඩබ්බරකම්
හැරුණු විට කිසියම්
නැත කළ වරද වෙනයම්
සිත ඔබෙ පහන් කොට
නිබ්බුත පද කියන්නට
වරම් නොලැබෙන්නට
සිදුවුනේ ඇයිදැයි කියන් මට
කොතෙක් දේ කීවත්
කළත් නොමවේ සැනසුමක් නම්
මතු අත් බවේ වත්
මව්නි ඔබගෙ සිත නිවන්නම්..
Saturday, April 24, 2010
Friday, April 23, 2010
තුති
දොඩමලු වු හදතුල
කකියා නැඟෙන පපුතුර
සියළු සැම දේ කැටි කොට
වදන් ලෙස මින් පිට කරන්නම්....
දිවි පමණ රැක ගෙන
රිසි හැම දෙයින් සමු ගෙන
නික්මන්ව ආ දින සිට
ඔප නොදා සිටියෙන....
මොට වූ බසින් ලියනෙමි
වැරදි වැරදි නැගිටිමි
දෙන ඔවා අගයමි
කියවන සැමට තුති දෙමි.
කකියා නැඟෙන පපුතුර
සියළු සැම දේ කැටි කොට
වදන් ලෙස මින් පිට කරන්නම්....
දිවි පමණ රැක ගෙන
රිසි හැම දෙයින් සමු ගෙන
නික්මන්ව ආ දින සිට
ඔප නොදා සිටියෙන....
මොට වූ බසින් ලියනෙමි
වැරදි වැරදි නැගිටිමි
දෙන ඔවා අගයමි
කියවන සැමට තුති දෙමි.
Wednesday, April 21, 2010
දිවුරුම
කුණාටුව පසුපස එන
කලත්තන දූවිලි නවත්තන
හිතේ රස්නය නිවාලන
සිහිල් වැසිපොදක් මිස....
මල්පෙති ලපලු තෙරපා
ගහ කොළද උදුරා
ගං දිය දෑල උතුරා
නොවන්නමි මම අසනි වරුසා...
ශිශිරයට සමුදී
ආ විට වසත් සමෙහී
ඉදිමි මම සැඟවී
අළු අතුල ගිනි පුලිඟු ලෙසිනී...
වියලි රළු පරඬැල්
සැඬ හිරු දවයි රත්වන්
ලොවක වූ ගිනියම්
තවත් ලැව් ගින්නක් නොවන්නම්...
කලත්තන දූවිලි නවත්තන
හිතේ රස්නය නිවාලන
සිහිල් වැසිපොදක් මිස....
මල්පෙති ලපලු තෙරපා
ගහ කොළද උදුරා
ගං දිය දෑල උතුරා
නොවන්නමි මම අසනි වරුසා...
ශිශිරයට සමුදී
ආ විට වසත් සමෙහී
ඉදිමි මම සැඟවී
අළු අතුල ගිනි පුලිඟු ලෙසිනී...
වියලි රළු පරඬැල්
සැඬ හිරු දවයි රත්වන්
ලොවක වූ ගිනියම්
තවත් ලැව් ගින්නක් නොවන්නම්...
තරු
සඳ නුදුටු සඳ
වසන්තයෙ අග රාත්‍රී
සරන නෙත් නුබ ගැබ
උකා ගාති ඔබ රූ...
ප්‍රභවය ඔබේ හිරු නොව
ප්‍රභාවද නුඹෙමය
සඳට විළි වනු කුමටද?...
අඳුරු ඇඟළුම් ලූ නුබ ගැබ
මුදා ලනු මුදු පබා
සිත් පුරා ලූ යුරු....
වසන්තයෙ අග රාත්‍රී
සරන නෙත් නුබ ගැබ
උකා ගාති ඔබ රූ...
ප්‍රභවය ඔබේ හිරු නොව
ප්‍රභාවද නුඹෙමය
සඳට විළි වනු කුමටද?...
අඳුරු ඇඟළුම් ලූ නුබ ගැබ
මුදා ලනු මුදු පබා
සිත් පුරා ලූ යුරු....
Monday, April 19, 2010
හීන

හීන ලස්සන නම් අපි ආසයි. ලස්සන හැම හීනයක්ම හැබෑ වෙනවා නම් තවත් කැමතියි. ඒත් ලස්සන වෙන ආස වෙන තරමටම හීන බිඳ වැටීම සිත් තැවුල් දෙන බව අපිට මතක් වෙන්නෙ හුඟාක් පමා වෙලා. ඒත් අපි හීන දකින එක නවත්වනවා ද?
අහස් ගව් ගනන් උස
නුඹෙ සමනළ හීන
අනෝරා වැස්සකට
සේදිලා නැහැ පාට
බොඳව හීනය සැලෙයි..
අහස දෙස බලා නුඹ
හූල්ලන හඬ ඇසෙයි
තවත් සායම් උලා
පාට කර ලන්න බැහැ
ඔබේ හිත ඉකි ගසන
හඬ ඇසෙයි..
හීනයක කෙළවරේ
කඳුල උරුමය තමයි..
අහස් ගව් ගනන් උස
නුඹෙ සමනළ හීන
අනෝරා වැස්සකට
සේදිලා නැහැ පාට
බොඳව හීනය සැලෙයි..
අහස දෙස බලා නුඹ
හූල්ලන හඬ ඇසෙයි
තවත් සායම් උලා
පාට කර ලන්න බැහැ
ඔබේ හිත ඉකි ගසන
හඬ ඇසෙයි..
හීනයක කෙළවරේ
කඳුල උරුමය තමයි..
Saturday, April 17, 2010
අසම්මතය
මී බඳුන තුරුළු කොට
දුම් වැටිය සිප ගන්න
හීන් හීනෙක රැඳී
අඩ දෙනෙත සතපන්න...
දුම් වළා අතරමැද
උමතු ලොවකට වන්න
සුළඟ මත තවරවා
ඔය සුවඳ මට දෙන්න...
හෙමි හෙමින් පාත් වී
සුදු කොපුල සිප ගන්න
මුදු දෙතොල විවර කර
මඳහසක් මට දෙන්න...
උණු කඳුළ තව එපා
නෙත් කෙවෙනි පුරවන්න
මේ විරහ දුක නිවා
හදට සිහිලක් දෙන්න...
මහා සාගරයකින්
දිය බිඳක් ඵල වේද?
අසම්මත පෙම් ලොවක
නුඹ කෙලෙස වැජඹේද?
ඉතින් ඔය කොපුල් තල
මා කෙසේ සිප ගම්ද?
මා මියෙනතුරා නුඹ
පිළි ගන්න හැකි වේද?
දුම් වැටිය සිප ගන්න
හීන් හීනෙක රැඳී
අඩ දෙනෙත සතපන්න...
දුම් වළා අතරමැද
උමතු ලොවකට වන්න
සුළඟ මත තවරවා
ඔය සුවඳ මට දෙන්න...
හෙමි හෙමින් පාත් වී
සුදු කොපුල සිප ගන්න
මුදු දෙතොල විවර කර
මඳහසක් මට දෙන්න...
උණු කඳුළ තව එපා
නෙත් කෙවෙනි පුරවන්න
මේ විරහ දුක නිවා
හදට සිහිලක් දෙන්න...
මහා සාගරයකින්
දිය බිඳක් ඵල වේද?
අසම්මත පෙම් ලොවක
නුඹ කෙලෙස වැජඹේද?
ඉතින් ඔය කොපුල් තල
මා කෙසේ සිප ගම්ද?
මා මියෙනතුරා නුඹ
පිළි ගන්න හැකි වේද?
පන්හිඳ
මම වගේ නුහුරු නුපුරුදු කවියන්ට නම් පන්හිඳට වාරු වෙන්න දුක මූලයක් තමයි. ඒත් උදාන ගී ලියන කවියොත් ඕන තරම්. සැපතෙදි නිදහසේ හිතන්න වෙලාවක් නොදෙන තරම් අය අප වටා හිටියත් දුක අපිව තනි කරවනවා. හිතන්න ඉඩ ලබ දෙනවා.. ඒ නිසාවෙන්ම හුඟ දෙනෙක් අතින් මුලින්ම ලියැවෙන්නෙ දුක් ගැනවිලි කියලයි මට හිතෙන්නෙ.. ඉතින් අවසර දුක සන්සිඳින මඟක් සොයා යන්නට....
මට දුකයි..
නුඹ ලියයි...
මගේ දුක තුනී වෙයි
මගෙ හිතේ බර, නුඹට
දරන්නට වූ සෙයයි...
වටකුරුව යුහුසුළුව
නුඹ වදන් ගලපවයි...
සුදු කොළය මත
අළුත් කවිය
හරි ලෙංගතුයි...
ඒ මතට වැක්කෙරුණු
කඳුළු බිඳු ලස්සනයි..
සිතුවමක්...???
නැත..
එයම සිතුවමක් වූ වගයි...
පත් පුරා පිරූ මුත්
නුඹට වෙහෙසක් නොවෙයි..
මගේ පන්හිඳ සදා
නුඹට මම ආදරෙයි.....
මට දුකයි..
නුඹ ලියයි...
මගේ දුක තුනී වෙයි
මගෙ හිතේ බර, නුඹට
දරන්නට වූ සෙයයි...
වටකුරුව යුහුසුළුව
නුඹ වදන් ගලපවයි...
සුදු කොළය මත
අළුත් කවිය
හරි ලෙංගතුයි...
ඒ මතට වැක්කෙරුණු
කඳුළු බිඳු ලස්සනයි..
සිතුවමක්...???
නැත..
එයම සිතුවමක් වූ වගයි...
පත් පුරා පිරූ මුත්
නුඹට වෙහෙසක් නොවෙයි..
මගේ පන්හිඳ සදා
නුඹට මම ආදරෙයි.....
Tuesday, April 13, 2010
පූර්විකාව

කොතනින්ද දන්නෙ නැතිව උනත් මේක පටන් ගන්න ඕනෙ. ගෙවපු කාලෙ දිහා හැරිලා බලද්දි හිතට ඇතුළු උන වේදනා සංවේදනා එක්ක හිතේ කියා ගන්න බැරි තරම් කප්පරක් මනෝ භාවයන්...
වැරදුණු තැන්... හරි ගිය තැන් වගේම වැරදුණු නිසාම හරි ගිය තැනුත් හරි ගිය නිසාම වැරදුණු තැනුත් අනන්තයි....
කියවන්න කෙනෙක් නැති උනත් කියා ගන්න දේ බොහෝමයි...ඉතින් මේ සයිබර් අවකාශයට මගේ සුසුම් බරක් නොවේවායි පමණක් මම පතන්නම්....
මගේ හිත
ගැබ්බරින්,
සංවේග...
සන්තාප....
වදන් අතරට මුසුව,
සඳැස්...
නිසඳැස්...
විලි වැදූ වගනම්
අප්‍රියෙල් 13, 2010
ගැබ්බරින්,
සංවේග...
සන්තාප....
වදන් අතරට මුසුව,
සඳැස්...
නිසඳැස්...
විලි වැදූ වගනම්
අප්‍රියෙල් 13, 2010
Subscribe to:
Posts (Atom)
