වරද...
කොහිදැයි සොයමි
මුනිවත....!!!
පිළිවදන්...
නොමැත්තෙන්
යළි යළිත්නොවිමසා
ගොළුවතට ඉඩ හලෙමි
ටික් ටික් ටික්
දවස ලිස්සා යමින්
හරි හෙමින්
පිළුණු වී
තව දිනක්
තව බරක්
උර මතට
දහවලක
පීඩනය
කර මතට
කොළ හැළුන
මල් වැරුව
කඳ මැද්ද
බොල් වෙච්ච
ගහක් නම්
තව මොකට
කොළත් නැති
මලුත් නැති
එපමණක්???
නැහැ නෙවද
අරටුවක්..
මුල් දිරන
තරම් කල්
දරා ගෙන
වැහි හුළඟ
ඉර අව්ව පායද්දි
අයාගෙන දිරන කය
මූසලම හිම එක්ක
කුණාටුව ආවාම
තව ඉතින්
මක් වේද???
අයිස් කුට්ටියක් උඩ - The Tip Of The Iceberg
4 days ago
