පළමු හිම පතනයට ඇරයුමයි...
කලු අහස...
පාට නැති පොද වැස්ස එව්වාට
සී කඩක සීරුවට
හෝ අනෝරා වැහි සතක්
චුරු චුරුව එකදිගට වැටුණාට
දැණුනෙ නැහැ
සිහිලසක් ඒ හැටිම
වැහි බින්දු..
උන් ඔහේ ගලනවා
විඩෙන් විඩ අතරමග නැවතුණත්
උන් දිනක මහ මුහුද දකිනවා
ලද සිහිල ගිනි අව්ව දවනවා
නැවත මා පිපාසෙන් පෙළෙනවා
ටික කලක් මගේ හිත රවටන්න
හිම පොරෝනය ඇතුළෙ ගුලි වෙන්න
හිරි වැටෙන තුරු දෙවුර තෙරපන්න
නිහඬවම හෑල්ලුවෙ පාවෙමින්
ඔබ ඉතින් මා වෙතට පැමිණෙන්න
වැහි සේම හිරු රැසක තෙද බෙලෙන්
ගියත් මා හැරපියා ඔබ දිනෙක
හිරි වැටුණ හිත මවෙත තිළිණ දුන් නිසාවෙන්
දැනෙණු නැහැ ඒ තරම් ලතැවුලක්
ගිනි වැදුණු හදවතින් ලියන්නෙම්
මම ඔබේ මහ පොළොව සෙනෙහසින්...
Tuesday, October 26, 2010
Subscribe to:
Posts (Atom)
