Tuesday, May 11, 2010

භාවනාවක් වන්න

සිතේ දොර'ගුළු ලන්න
සිතෙද්දී පවසන්න
සිත සංවේදනා
කිම තැවෙනු
යමෙක් වේ දැයි
ඒ අදහන.....
තරු අහස යට
මහ පොලොව මෙන්
තු‍ටු කඳුල
සෝ සුසුම
තනි සිතින් විඳ ගන්න......
හෙලි පෙහෙලි වූ පමණින්
සිත් පුරාලූ හීන
සමච්චල් පාච්චල්
වේ නම් පිලිවදන්........
ඵල වේද කිසිවකුට
හෙලි පෙහෙලි වූ පමණින්
සිත් හි වූ වේදනා......
හුදු කුතුහලය මිස
නැත කිසිදු අගයක්
ඉනික්බිති....
විශ්වයම ගීතයකි
ඇහුම් කන් දෙන්න ඔබ
නිහඬවම...
විපිළිසර විශ්වයක
භාවනාවක් වන්න ඔබ
නිරතුරුව...

8 comments:

  1. රතු මල් ඔසරිය පාවී අවුදින් මාසිත ඇතුලත ලැගුම් ගත්තාය...
    ඉතින්... සැක හැර බලමි මෙසේ...
    භාවනාවෙන් මිදී...
    කුකුසෙන් මිදී...
    ස්තූතියි....

    ReplyDelete
  2. සිත පුරා ලූ හීන
    දරාගනු බැරි විගස
    එන්න අතැඟිලි අල්ලගන්නෙමි
    සිනා නොවෙමි මම්
    යොමමි කන් මම
    ඔබේ තනුවට
    ඇහෙනවා මට කඳුළු වියමන්
    මතක හීනය
    අත හැරුනු මුත්
    කරන්නේ මොනවාද ඒකට
    හඬන හිත්මල එක්ක හඬනා
    ඔබෙ කඳුළු නෙත
    සුව පත්ව යේවා....!!!!!!

    ReplyDelete
  3. අප්පේ මේ කවි ගංගාව අතරේ අපි ඇවිල්ලා මොනවා ලියන්නද ...

    නෙතු එකයි - දොඩං එකයි - නිමන්ති අක්ක එකයි.
    දොඩං අයියත් කයියක් ලියල තියෙන්නෙ අපූරු..

    මට නං හිතෙන්නේ කාට හරි තරයේ අවවාදයක් දෙන්න ලිව්වද කියලා. හැමදාම වගේ එක දිගට ලස්සනට ගලාගෙන යන කවි උල්පතේ අද මොකද්දෝ ගුප්ත හැඟිමක් දැනෙනවා. මං හිතන්නේ මට හරියට තේරුනේ නෑ..

    -ජය

    ReplyDelete
  4. @ තිස්ස දොඩන්ගොඩ
    සැක හැර බලනු මැනේ..
    සැක හැර බලනු මැනේ...
    ඉතින් මට නම් මේ සිංදුව හොයා ගන්න බැරි උනා තාම. උත්සාහය අතහැරියේ නැහැ ඒ උනාට...

    ReplyDelete
  5. @ nimanthi
    තුටින් අල්ලා සොයුරු අතැ'ඟිලි
    කඳුලු වියමන් වලින් සරසා
    මතක හීනය පහන් කරනට
    වරම් ලබනට තිබුණු පින මට....

    ReplyDelete
  6. @යෝගී...
    සමහර දේ හරියටම නොතේරෙන කොටත් අමුතු සුන්දරත්වයක් තියෙනවා. වදන්.. පිළිවදන්.. වදන්.. පිළිවදන්...ගලපා ගත්තොත්.. තේරවිල්ලක් වගේ..

    ReplyDelete
  7. නෙතු ,
    අන්න පත්තරෙත් දාලා.. දැන්නං තේරුනා හොඳටෝම.

    ReplyDelete
  8. කියෙවූයෙමි මෙ පද භාවනාව
    කිසිඳු සටහනක් නොවූ කලක
    දැණුනි එය ගැඹුරු භාවනාවක් සේ
    යෙදුනෙමි නිහඬව භාවනාවක

    ReplyDelete