ගේ අද්දර වතුසුදු මල් මං නැතුවට පිපෙනවාද
නංගි වැවුව උඳුපියලිය නුඹෙ පා සුවපත් කළාද
පිළිකන්නේ රඹ පඳුරේ දැන් රඹ කැන් පීදිලාද
තාප්ප බැඳ තනි වෙන කොට හිතවත්කම් අඩුවෙලාද
පෝය දාට පුරහඳ ඔහෙ දිලිහි දිලිහි තියෙනවාද
හැම පෝයෙම නොවැරදීම නුඹ තව සිල් ගන්නවාද
නුඹ බලන්න දානෙ උයන් එන්න කෙනෙක් ඉන්නවාද
ඒ නැතුවම උදේ රැයින් තනිව උයා ගන්නවාද
අපි එනතුරු මඟ බලමින් හැන්දෑවේ ඉන්නවාද
නංගිගෙ වැල්වටාරමුත් තොරක් නැතුව අහනවාද
සති අන්තෙදිවත් ගෙදරට දැන් අයියා එන්නෙ නැද්ද
අයියගෙ පොඩි උන් බලන්න අම්මා එහෙ ගියේ නැද්ද
නංගිගෙ මංගල්ලේ වැඩ තීන්දු කරගෙන ගියාද
මං එන්නැති බව හිතාන නෝක්කාඩු කියනවාද
ඒ වැඩ ටික කරට අරන් කරල දෙන්න කෙනෙක් නැද්ද
ඊට පස්සෙ නුඹෙ තනිකම මට දරන්න ඇහැක් වෙයිද
නුඹෙ හැටවෙනි උපන්දිනෙත් නුඹට මතක නැති උනාට
ලෝක මව්වරුන්ගෙ දිනෙන් නුඹට වැඩක් නැති උනාට
අපි දුන්නොත් මිස කවදත් කිසිවක් නුඹ නොගත්තාට
මං එවනා ඩොලර් වලින් නුඹට ඵලක් නැති උනාට
තාත්තා වෙන් වෙලා අපෙන් විසි වසරක් වුණා නේද
ඒ උනාට හැම වසරෙම අළුත් ඇඳුම් දුන්නා නේද
ඒ ඇඳුමුත් මදි කියමින් නුඹෙ හිත අපි තැළුව නේද
ඒ උනාට නුඹ අඳින්නෙ මොනාද අපි නම් බැළුවද
මගෙ පොත් ටික මේසය උඩ තවම තියන් ඉන්නවාද
දැන් ඒ පොත් පත් බලන්න කිසිම කෙනෙක් කැමති නැද්ද
නුඹේ හීන සුන් කෙරුවට මට තවමත් බනිනවාද
ඒ කළ පව ජාති ජාතිවත් ගෙවන්න හැකි වේවිද
අයියගෙ දරුවන්ට අම්මා අපිට වගෙම ආදරේද
අක්කාගෙන් මගෙ පාඩුව හිතු තරමට පිරුනෙ නැත්ද
මගෙ දරුවොත් ආවොත් ඔහෙ මහ ගෙදරක් වෙලා නේද
අපි එනකල් මඟ බලමින් අම්මෙ නුඹ ඉන්නවාද
විසි වෙනි දානේ දෙන්නට මට එන්නට බැරි උනාට
මෙහෙ තනියෙන් දන් බෙදුවේ වරදකාරි හිත හදන්ට
ඒ කළ පිං සියල්ලක්ම මං පිදුවෙ නුඹ දෙපළට
තාත්තාට නිවන් සුවය නිරෝගි සුවයත් නුඹහට
ඒ කවිපෙලනම් හොඳටම දැනුනා.
ReplyDeleteමේ අත්දැකීම ම වෙනත් විදියකට මගේ ජීවිතේට ළංවෙලා ආයෙත් මඟඇරිල ගියා කාලෙක. මට ඒක තදින්ම දැනෙන්නේ ඒක වෙන්ඩඇති..
ඇත්තටම කිව්වොත් හිත පිච්චිලා ගියා වගේ අක්කේ...
කොහොමත් කෙනෙක් ඇත්තම අත්දැකීමක් විස්තර කරනවා වගේ හිතෙන්නේ..
හැමදාමත් වගේ එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරන්නම්.
කවදාවත් අම්මව දාලා කොහෙවත් යන්න නොහිතෙන විදියට ඔයා ලියලාතියෙන්නේ !..
-ජය
මට කදුළු ආවා. මට මගේ අම්මා මතක් උනා..
ReplyDeleteඅම්මා තරම් අපිට ආදරේ කෙනෙක් ලෝකේ වෙන කොහේවත් නෑ..
අපේ අම්මාත් මම එනකක් ඇඟිලි ගැන ගැන බලන් ඇති...හ්ම්ම්ම්...
ලස්සනයි.. දැනෙන්න ලියලා තියෙනවා..
නෙතූ, මේක බ්ලොග් රීඩර් එකේ නෑ නේද? මම අපේ යෝගියාගේ FB එක හරහා තමයි, මේ එන්නේ...
ReplyDeleteBro... it's here.. http://blog.inetlanka.com/
ReplyDeleteඅයියේ ඒත් තාම සින්ඩියේ නෑ නේද ?
ReplyDelete@පිස්සා:
මං හිතං හිටියේ මං තාම Ano කියලා.
උඹ මාව දන්නව එහෙනං ඈ... :D
තියෙනව යෝගි,
ReplyDeleteමම නෙ ඒක සින්ඩියට දැම්මෙව්වෙ, අක්කට කියල
අය්ය අක්ක එක්ක මරාගන්න කාලෙ..
මට නම් කැගැස්සුනා ... කවි ටික මම ඉක්මනට කියවගෙන ගියෙ... මම යනවා.. හරිම් වටිනවා.. මතක් කරලා දුන්නට.. නමුත් වැඩෙ කියන්නෙ අමතක වෙන්නෙ නැහැ...
ReplyDeleteමේ ... චේජනා කියපු විදියට දැම්මනං සින්ඩ්යේ තියෙන්න විදියක් නෑ..
ReplyDeleteනෙතු අක්කේ ..
කල්පනාවෙන් හොඳද
කවි කියවන්නත් කළින් ඇස රැඳුණෙ රූපයේ. හොඳ හුරු බවක් දැනුණු නිසා හොයා බැලුවා. මෙතනනෙ තිබුණෙ.
ReplyDeletehttp://www.facebook.com/note.php?note_id=125293434163347
ගොඩක් දේ නිහඬවම කියා පාන සිතුවමක් නේද අක්කෙ?
කියවගෙන යද්දි හිත කීරි ගැහිල ගියා. ඊට එහා දෙයක් මට කියාගන්න බෑ. උපරිමයි!
"ඔබ මැවූ තරම් - සුබ සොඳුරු සිහින
මා නුදුටු නමුදු ඇල්මේ
ඒ සිහින තළා - බිඳ දැමූ පවට
මට සමාවෙන්න අම්මේ //
රෑ අහස වගේ - කළුවරින් පිරුණු හිත
එළියලන්න ඇත්නම් //
පුර හඳක් වෙලා - මට එන්න තිබූ මඟ
ඇහිරිලාද නොදනිම්
ඔබ මැවූ තරම්....
ඈ ළඟට කරන් - කුල ගෙයක් තැනූ හැටි
පාපයක්ද පවසන් //
හිතු මනාපකම් දුටු - ඔබේ නෙත'ග පිරි
කඳුළු බරද මෙතරම්
ඔබ මැවූ තරම්...."
නිලාර් එන්. කාසිම්ගෙ පද වලට සුනිල් දයානන්ද කෝනාරගෙ සංගීතය එකතුවෙලා එඩ්වඩ් ජයකොඩිගෙ ලයාන්විත හඬින් එළි බැහැපු ගීතයක්. "මට සමාවෙන්න අම්මේ" කියන ටික අහගෙන ඉන්න කොට කඳුළු පනිනවා හැමදාම.
යෝගි, මම කිව්ව කියල හිතාගන්න..
ReplyDeleteමට පේන්නෙ ඔයත් එන්නෙ මම කරපු intelligent robbery ම කරන්න වගේ..
(ඔයා නිසා ඉතින් කරන්න දේකුත් නෑ නෙ..)
නෙතු අක්කෙ, කවි හරී...ම ලස්සනයි...
ඒත් ඉතින් දුක තැවරිල....
(අනෙ අක්කෙ සමාවෙන්න... දුක වේදනාව කවියකින්වත් විඳින්න මම අකමැති එක ගැන නම්..)
freedom නංගි,
අද නම් ඔයාට කරදර නොකරම සින්දුව මියුරුගී වල තියෙන් බව හොයාගත්ත.. විස්තර ගොඩක් දැම්මට පින්, ඒක හොයාගන්න ලේසි වෙන විදියට
පාපොච්චාරණයක්... නමුත් ඔබ ඔබේ යුතුකම් ඉෂ්ඨ කලානේ...? එයින් සතුටු වන්න... තමන්ගේ කුටුම්භයේ දියුණ වෙනුවෙන් රට දා යන බොහෝ දෙනෙකුට වෙන දෙයක් නේ මේක...? සියල්ල විඳගනිමින් පැමිණි දුක් පැණිරසයි කියා, තම දෙමව්පියන් බලා කියාගෙන ලංකාවේම රැඳී සිටින අපේ සොයුරු සොයුරියන්ට අපේ ආචාරය... මගේ සිත නිවීමට ඇත්තේ ලංකාවේ රැඳී ඉන්නා මා බිරින්දෑ විසින් හතර වරිගයටම යුතුකම් ඉෂ්ඨ කරන නිසාය... නමුත්...
ReplyDelete@ යෝගී
ReplyDeleteකවි පෙළ මෙතනින් නතර කරගන්න හරි අමාරු වුණා මල්ලි. උල්පතේ තියෙන්නෙ හුඟාක් වෙලාවට මගේ හෝ මට බොහෝ කිට්‍ටු අයගේ හෝ අත්දැකීම්.. මේක නම් මගේ අත්දැකීමක්...මාත් හිත පිච්චි පිච්චි ලිව්වෙ. ඔයාගේ ප්‍රාර්ථනාවට ගොඩාක් පිං...
@ .::පිස්සා::.
ඉකමනට යන්න... මාත් යන්න ඕනි. එතකන් ඉවසන් ඉන්න හරි අමාරුයි
"මව්කම ලද දා හැඩූ පිනම ඇති
ඇගේ නමින් පා දූවිලි වන්නට..."
අපේ තිස්ස අය්යා ලාංකීය සිතුවිලි වලට දාලානෙ මල්ලී
චේජනා නංගි ගෙන් අහගෙන මාත් බ්ලොග් සින්ඩිකේටර් එකට දැම්මා
@ රවා
අමතක නොවෙනව නම් ඒකත් ලොකු දෙයක්. ප්‍රශ්ණෙන් වැඩි කොටස විසඳිලා ඉවරයි
@ යෝගී...
:) පව් මල්ලි, ඇදලා ගන්නමයි හදන්නෙ රණ්ඩුවට නේද
@ freedom
ඔයාත් නොයන අස්සක් මුල්ලක් නෑ නේද? ඔව්... සිතුවමේ හැම රේඛාවක්ම ඇය දිවිය පුරා විඳි සියල්ල නිරූපණය කරනවා කියල මට හිතෙනවා. මගේ හිතේ තියෙන අපේ අම්මාගේ රූපය මීට වඩා තරුණයි. නමුත් හැම නිවාඩුවෙම ඇය බලන්න ගියාම මගේ හිතේ තියෙන රූපයට වඩා කොච්චර ඉක්මනට ඇය වයසට ගිහින්ද කියලා හිතෙනවා..
බෙදා හදා ගත්තු ගීයට තුති නංගි.. මාත් ආසම ගීයක්..
@ චේජනා
නංගි අටලෝ දහමට ඔය දෙකම අයිතියිනෙ. අපි අඩු වැඩි වශයෙන් ඔය දෙකම විඳිනවා. ඒත් ඔයාට නම් කිසිදා දුකක් නොවේවා කියා පතන්නම්...
දවසක මම සතුටටත් කවි ලියන්නම්කො
@ තිස්ස දොඩන්ගොඩ
පාපොච්චාරණයක් තමයි අය්යෙ...අය්යෝ ඔය වචනෙ මතක් වුණෙ නැහනෙ කලින්..heading එකට දාන්න. මට හැමදාම තියෙන ප්‍රශ්ණෙ තමයි ඒක. තවම යුතුකම් ඉෂ්ඨ කරනවා අයියේ " සියල්ල විඳගනිමින් පැමිණි දුක් පැණිරසයි කියා, තම දෙමව්පියන් බලා කියාගෙන ලංකාවේම රැඳී සිටින අපේ සොයුරු සොයුරියන්ට අපේ ආචාරය..." මාත් එකතු වෙනවා.
ඔයාට ඉක්මනට නිවාඩු යන්න දිනයක් ලැබෙන්න කියලා පතනවා.
මෙ පදපේලිය කලින් කිහිපවරක් කියෙව්වෙමි. කිසිවක් නොලියාම නික්ම ගියෙමි දෙවරක්ම.
ReplyDeleteචෝදනා පත්‍රයේ වචනයෙන් වචනය හුරුය, චූදිතයෙකි
කෙලවරක් නැතිව ෆේස් ටිෂූ සපයන, ටිෂූ රෝලකි
මයිනහමෙන් ගිණි පිඹිනවිට බෙරාගන්න, ඇස්බස්ටොස් තහඩුවකි
කෙලවරක් නැති දුරස්ථ බොක්ෂින් පාරවල් වලින් රකින, අසරණ කුෂනයකි
අනික් පැත්තෙන්, තොරතෝංචියක් නැතිව දුවන යාන්ත්‍රික ජීවිතයට ඇති එකම සැනසීම පුංචි කැදැල්ල සමීපයේම ඉන්න එක විතරයි.
ඉතිං සොයුරිය ඔබ ඉටු කරන්නේද ඒ පුණ්‍යකර්මය නොවෙද?
කාසියේ දෙපැත්තකි, ඉලක්කමට අගයක් නැත, රූපය කොහෙත්ම පලක් ද නැත.
@ ගල්මල්-Coral
ReplyDeleteඔබ බොහෝ දේ කිව්වා. ඉතින් හිත හදා ගන්නම වෙනවා...
ගේ අද්දර වතුසුදු ගහ තාමත් මල් පුරනවා ඇති
ReplyDeleteපෝය දාට පුන් පෝ සඳ රෑ අහසේ දිලෙනවා ඇති
අවුරුද්දට ගම ආ සැම ඇගේ තනිය මකන්න ඇති
එහෙම උනත් ඇගේ සිතට ඔබ අමතක නොවෙන්න ඇති
දුරු රටකදි දැනෙන තනිය නිසා ඔබට හිතෙනවා ඇති
කුමක් කරන්නද ඒකට හිත කඳුලින් සේදුව හැකි
නොදන්න ඔබෙ හිතින් හිතුව මේ සේරම මට කඳුලකි
මාත් ඉතිං දුරු රටකනේ කුමක් කරන්නද?? මං සකි