Wednesday, May 26, 2010

බිඳුණු නිද්‍රාව

ගයන්නම්
නි‍ද්‍රා ගීයක්
ඇවැසි නම් නිදන්නට
විඩාබර නෙතු පියට...

වයන්නම්
මුදු සොඳුරු තනුවක්
වාරු ගෙන
අතැඟිලි තුඩින්
පිරිමදින හද වෙණ තතින්...

සදන්නම්
සුව යහනක්
අඳුරු මුත්
සොඳුරු වන පෙතෙහි
ඈත ගැඹුරක...

නමුදු...

බිඳුණහොත්
ඒ සොඳුරු නිද්‍රාව..

පිරිපහදු කළ නොහී
මළ බැ‍ඳෙන තත්
නින්නාද නොම නැගුන
තනුව මා...

නිනව් නැති ගම් දනව් සරා ගොස්
හිම කතර නතර වූ
හීතලෙන් හිරිවැ‍ටුණු
පවන මා...

පදෙන් පද කඳුළු වැල් අමුණමින්
විඩෙන් විඩ සුසුම් රළ පා කෙරූ
මුවින් මුව නිරන්තර ‍රැව් නොදුන්
කවිය මා

9 comments:

  1. පිරිපහදු කළ නොහී
    මළ බැ‍ඳෙන තත්
    නින්නාද නොම නැගුන
    තනුව මා...

    හැඟුම්බර කවි පන්තිය, සත්සර වගේම අගනා රස සංකලනයක්.
    ගොඩාක් රසවිඳා, තුතියි.

    ReplyDelete
  2. @ ගල්මල්-Coral,
    රස වින්ඳා නම් මගේ සතුට එයයි..

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. එළ මචංග
    (නොහදු‍නන මචං ‍විසින්.)

    ReplyDelete
  6. පදෙන් පද සිනාවන් අමුණමින්
    විඩෙන් විඩ සතු‍ටු රළ පා කෙරූ
    මුවින් මුව නිරන්තර මිමිනෙනා
    කවිය මා..... නම්....

    ReplyDelete
  7. ගයන්නට පෙම් හැඟුම්..
    වයන්නට සොඳුරු තත්..
    තනන්නට සුවයහන්..
    හිත් මඬලෙ පැතු පැතුම්..
    සඟව සඟවා ඉතින්..
    කුමට මේ පසු තැවුම්..

    සුලා..

    ReplyDelete
  8. @එරංග
    ඇත්තද.. මචං :)

    @චේජනා
    පදෙන් පද සිනාවන් අමුණමින්
    විඩෙන් විඩ සතු‍ටු රළ පා කෙරූ
    මුවින් මුව නිරන්තර මිමිනෙනා
    කවිය ඔබ... වනු...:)

    @සුලා
    ගොළුව ගිය පෙම් ගැයුම්
    සත්සරට නුහුරු තත්
    බිඳ වැ‍ටුන සුව යහන්
    පසුතැවුම් ගෙනෙනුයෙන්
    සුසර නොවු තනුවක්ව
    හමනු බැරි පවනක්ව
    ගැයෙනු බැරි කවියක්ව
    ඉතින් ඉන්නම් සැඟව..

    ReplyDelete
  9. නොහෙළන්න..නොහඬන්න..
    ගෙනෙනවිට..දුක් සුසුම්...

    නොසිතන්න..නොසොයන්න..
    ගෙනෙන දේ..පසුතැවුම්...

    සරසෙන්න..හැඩවෙන්න..
    අද අදයි..දින උතුම්....

    ලැබ ගන්න..විඳගන්න..
    උරුම දේ..එයමනම්...

    සුලා..

    ReplyDelete