හිත හදා ගන්නම නොහැකි තැන
ලුහු බඳින මතකය තබා ලය
අත පොවන හරියට බෝ දුරක
හිත හැඟුම් විරසක කරන්නද???
මඟ නොමඟ පැටලෙන අහස යට
දිවි රැක්ක අසරණ කවි හිතට
බුබුළන්න දිය දුන් පැතුමකට
කොයි කරම් කෙනෙහිළි තරවටුද
හිම වගේ හීතල හිත මතට
වට රශ්මි කිරණක ස්පර්ශයට
හිරි වැටුණ සීතල දොවා ගෙන
හදවතේ උණුහුම නංවන්න
ලය නගන කෙඳිරිලි ස්වර වුවද
රස ගෙත්තමක පද රූ මවත
හිත හදා ගන්නට ඒ මදිද
නෙත නිවා ගන්නට ඒ ඇත්ද???
සරසවි වරම්
1 day ago
