කාංසියට කවි ලීවට
යාප්පුවෙන් හිත හදාන
හාංකවිසියක් නෑ හිත
පාං පැලට ගිනි තියන්න
ආත්මයෙන් ආත්මයට
නුඹ මගෙ හිත නොදුටුවාට
වාං කරන් ඉන්නෙ කෝම
යාං හෑලි අඳෝනාව.....
රාං කුරුල්ලන් ගැවසෙන
අවකාසෙට මං ආවම
ලාස්සනට ගෙත්තම් කල
ගී රස පදවැල් දුටුහම
තාම්පුරා නාද ඇහෙන
ගී හද පොත මඟ කීවම
වාවා ගෙන ඉන්නෙ කෝම
දෝර ගලන කවි උල්පත......
කාර්තුවෙන් කාර්තුවට
වසර ගණන් දුව ගියාට
කාත් කවුරුවත් නෑ වෙන
වාං දමන හිත් දොර ළඟ
යාන්තමින් යාන්තමට
ඔබ ළඟ හිත ගොළු උනාට
තාත්විකයි නුඹෙ සෙනහස
මාත්තරා නැති උනාට.........
Enjoying the Glory of a Star
4 weeks ago
wow...! this is inborn talent... what kept it shut so long...? totally synchronizes with my taste... no words to explain...
ReplyDelete@ තිස්ස දොඩන්ගොඩ
ReplyDeleteyou really made my day kindred spirit... getting such a comment from someone like you is such a joy. i know your taste through your blog ayya... that's why i invited you to read my poems in the first place....
"i came, i saw, i conquered"
නෙතු..කවිය නම් හරි.................ම ලස්සනයි..
ReplyDeleteඇයි ගොළු කියන එක තමා මගෙ ප්‍රශ්නෙ..
Superb...
ReplyDeleteතාත්විකයි නුඹෙ සෙනහස
මාත්තරා නැති උනාට.........
I love above part too much..
Superb!
ReplyDeleteI am not able to key in words; your miraculous verses completely and tightly closed the thinking pad for a while.
(sorry for writing in English, I gone blank)
@ චේජනා
ReplyDeleteමේ කවිය පිදෙන අය හට එය නෙත නොගැටෙන හින්දා යි එහෙම නම් කරන්න හිතුනෙ..
@ පිස්සා
ඔයාටත් මට වගේම පිස්සු නිසා නෙමේ නේද එහෙම හිතුනෙ...කොහොම උනත් ඒ පද දෙක තමා මුලු කවියෙම පදනම.. ඒක තේරුණු කෙනෙක් පිස්සෙක් කියන්නෙ කෝම?
@ ගල්මල්-Coral
thanking you is just not enough.. if ever you know how much these comments mean to me...
ඇත්තටම හරිම සුන්දර කවි සංකල්පනාවක්!!!!!!!!
ReplyDeleteඅගෙයි අගෙයි නෙතූ :)
උන්හිටිතැන් අමතකව ගියා සොයුරියේ.....කොහේද මේ කවිහිත වහංගු කරන් හිටියෙ...උපරිමයෙන් රසවින්දා....
ReplyDeleteසුලා...
@ M
ReplyDeleteඅගේ කල වදන් වල අගය කියා නිම කල නොහැක
@ සුලා
හුරු පුරුදු "ආශ්වාදනීය සුළඟ".. ආයුබෝවන්.
ඔබ අතරමයි.
ම් ම් ....
ReplyDeleteමාත්තරා ගණන් කරන්
නේත්තරා වහන් කරන්
ඇයි ඉන්නේ බොහෝ දුරින්
දුක් නොවන්න නඟේ ඉතින්
නෙතූ බලන්න ආව
මම
෴වත්෴
කාංසියට කවි ලියද්දි
ReplyDeleteපාන්පැලට මල් පුදද්දි
ගී උල්පත ගලා යද්දි
සිත ගොලුවී නතර වෙද්දි
කාර්තුවෙන් කාර්තුවට
ලඟම රැදෙයි හැමදාමත්
මාත්තරා නැති උනාට
සෙනෙහස ඔබ ලඟ තියේවි.!!
meaka thamayi mama FB eke damme . . maara lassanai appaa . .. !!!
ReplyDelete@ wath
ReplyDeleteනේත්තරා වහන් උනත්
මාත්තරා රිදුම් දෙතත්
ලඟින් ඉන්නෙ නුඹට සිතින්
සොඳුරු සිතට ආයුබොවන්
@ nimanthi .
කාංසියට කවි ලිය ලිය
පාන්පැලට මල් පිදුවම
රෑ අහසෙ නිල් තරු එලි
දිලිහි දිලිහි තනි රැක්කම
වේලි බැඳන් සිරවනවිට
මා ලය බුබුල'න උල්පත
මන්දාකිණියක සෙනෙහස
සිත්තම තනියට හිඳීවි.!!
@ දුකා
අනේ ඇත්තද අප්පා...! මොනවා කියන්නද මං දන්නේ නෑ..
"thank you for being with me and sharing this with others"
උල්පත ! ඔයාගේ කවි අරං අනුන් රවටන හොරෙක් *සිහින පියාපත්* කියලා ඉන්නවා මේං බලන්න -----------https://www.facebook.com/sihinapiyapath
ReplyDelete