කුණාටුව පසුපස එන
කලත්තන දූවිලි නවත්තන
හිතේ රස්නය නිවාලන
සිහිල් වැසිපොදක් මිස....
මල්පෙති ලපලු තෙරපා
ගහ කොළද උදුරා
ගං දිය දෑල උතුරා
නොවන්නමි මම අසනි වරුසා...
ශිශිරයට සමුදී
ආ විට වසත් සමෙහී
ඉදිමි මම සැඟවී
අළු අතුල ගිනි පුලිඟු ලෙසිනී...
වියලි රළු පරඬැල්
සැඬ හිරු දවයි රත්වන්
ලොවක වූ ගිනියම්
තවත් ලැව් ගින්නක් නොවන්නම්...
Subscribe to:
Post Comments (Atom)

නියමයි. හරිම අපූරුයි කවිය.
ReplyDeleteකෙටි කවිය මගේ සිත් ගත්තා...
ReplyDelete"නොවන්නමි මම අසනි වරුසා..."...ඒ පදය බොහොමත් ලස්සනයි...
"ශිශිරය...." හ්ම්ම්ම්.....
ඔබට තුති Raven
ReplyDeleteහ්ම්ම් ශිශිරය...ඇයි තිස්ස අයියෙ ඒක වැරදිද? වැරදි නම් කියවන්නෝ සමාව දෙත්වා!