කොතනින්ද දන්නෙ නැතිව උනත් මේක පටන් ගන්න ඕනෙ. ගෙවපු කාලෙ දිහා හැරිලා බලද්දි හිතට ඇතුළු උන වේදනා සංවේදනා එක්ක හිතේ කියා ගන්න බැරි තරම් කප්පරක් මනෝ භාවයන්...
වැරදුණු තැන්... හරි ගිය තැන් වගේම වැරදුණු නිසාම හරි ගිය තැනුත් හරි ගිය නිසාම වැරදුණු තැනුත් අනන්තයි....
කියවන්න කෙනෙක් නැති උනත් කියා ගන්න දේ බොහෝමයි...ඉතින් මේ සයිබර් අවකාශයට මගේ සුසුම් බරක් නොවේවායි පමණක් මම පතන්නම්....
මගේ හිත
ගැබ්බරින්,
සංවේග...
සන්තාප....
වදන් අතරට මුසුව,
සඳැස්...
නිසඳැස්...
විලි වැදූ වගනම්
අප්‍රියෙල් 13, 2010
ගැබ්බරින්,
සංවේග...
සන්තාප....
වදන් අතරට මුසුව,
සඳැස්...
නිසඳැස්...
විලි වැදූ වගනම්
අප්‍රියෙල් 13, 2010
කලබල දවස් කීපයක් ගෙවිලා යනවා නෙතු...! මෙච්චර අපූරුවට ලියන්න පුලුවන් කම තියෙද්දී හැංගිලා ඉන්නේ ඇයි... හිත කණස්සල්ලෙන් ඉන්නේ වාගේ ඔයා... කමක් නැහැ එක් හොඳ ඖෂදයක් ඔයා තෝරාගෙන තියනවා...
ReplyDeleteඅනෙක් කවි වලට හෙමින් කමෙන්ට්ස් දමන්නම්....
දහසක් වැඩ මැද්දෙ කමෙන්ට් එකකට වෙලා ගත්තාට තුති... ටික ටික ලියලා බලමු... හිතේ තියෙන්නෙ කොහොම හැඟීමක්ද කියලා දන්නෙ නැහැ... මට හිතෙන්නෙ හිස් ගතියක්... ලියද්දි ලියද්දි හරි යයි මයෙ හිතේ..
ReplyDeleteසොයුරිය, ඔබ වරෙක හද ගී පොතෙහි ඉල්ලා තිබූ සින්දුවක් ලබාදෙන්න ආ ගමනක්. ලස්සන කවියක් කියෙව්වා, ඇස් අග තෙත් වුනා.
ReplyDeleteලස්සනට ලියන්න හැකියාවක් ඇති ඔබට ආවේණික ආරක් ද තියෙන බව ඔබේ පදවැල් තුලින් දිස්වේ. කිසිවිටෙක බරක් නොව, මේවා ලස්සන ඵල. වැඩි වැඩියෙන් පලදරන්න සුබ පැතුම්.
ගල්මල්-Coral,
ReplyDeleteමේ අවකාශයේ ඔබ වැනි සොයුරන් සොයුරියන් ලැබීම මා කළ පිනක්.. මේවා කිසිවකුට කියවීමට නොදුන් කවි.. ඒ මා තුළ තිබූ ස්වයංවිශ්වාසය හිඟ කම වෙන්නට ඇති... නමුත් අද ඔබ එය කියවීමට ඔබේ වටිනා කාලය මිඩංගු කිරීමම මා ඔසවා තබනවා