Friday, April 23, 2010

තුති

දොඩමලු වු හදතුල
කකියා නැ‍ඟෙන පපුතුර
සියළු සැම දේ කැටි කොට
වදන් ලෙස මින් පිට කරන්නම්....

දිවි පමණ ‍රැක ගෙන
රිසි හැම දෙයින් සමු ගෙන
නික්මන්ව ආ දින සිට
ඔප නොදා සිටියෙන....

මොට වූ බසින් ලියනෙමි
වැරදි වැරදි නැගිටිමි
දෙන ඔවා අගයමි
කියවන සැමට තුති දෙමි.

5 comments:

  1. සිත් ගත්තා ඔබේ ශෛලිය... මේ බ්ලොග් අවකාශේ මට හමුවුනු කවියන් , කිවිඳියන් ළඟ තියෙන එකිනෙකාට වෙනස් සුන්දර ශෛලීන් අතරේ ඔබටත් විශේෂ ආකෘතියක් තියෙනවා.
    පසුගිය සති කීපයේ වැඩිය සැරිසරන්නට කාලයක් නොවූ නිසා මේ අඩවිය මට මගහැරෙන්නට ඇති.

    දිවි-කවි දෙකම රැකගෙන
    ආ වග දැනෙනු විලසින
    ලබැඳි කව් පබඳින
    ඔප නොදැමු බැව් කෙළෙස පැවසෙන...

    දැන් ඉතින් ඔබව බලන්නත් හැකි හැමදාම එන්නම්..

    -ජය

    ReplyDelete
  2. යෝගී,
    ස්තූතියි බලන්න ආවට.. ඔබ ලියූ මලීගෙ ලියුම මාත් කියෙව්ව.. අදහස් පල කලාද කියා මතක නැහැ.. නමුත් තවමත් මතක් වෙද්දි හිනා..

    ReplyDelete
  3. ඔයා ලියන බව මම දන්නෙත් ඔයා ආවම නෙ..
    මාත් හොයාගෙන ආව ඔයාව..ආයෙමත් එන්නම්...

    ReplyDelete
  4. ලස්සනයි දැන් ඉතින් දිගටම මෙ අවකාශයෙ ඔබව හමු වෙවි...

    ReplyDelete
  5. රවා
    ස්තූතියි ගොඩ වැදුණට..

    ReplyDelete