නෙත් කෙවෙනි කකියා
එන විට කඳුල නලියා
උන් නමුත් තෙරපා
නොපෙනෙන අයුරු පිටුපා
ඔබ පා වඳින සඳ
නෙත වූ කඳුළු දුටුවෙන
මා නොවේ ඔබ ගැන
ඇවිලු ගින්දර තවත් දැල්වෙත
උපන් ගෙයි දඟකම්
හිතුමතේ කළ දඩබ්බරකම්
හැරුණු විට කිසියම්
නැත කළ වරද වෙනයම්
සිත ඔබෙ පහන් කොට
නිබ්බුත පද කියන්නට
වරම් නොලැබෙන්නට
සිදුවුනේ ඇයිදැයි කියන් මට
කොතෙක් දේ කීවත්
කළත් නොමවේ සැනසුමක් නම්
මතු අත් බවේ වත්
මව්නි ඔබගෙ සිත නිවන්නම්..
වෙනස
1 day ago

ලස්සනයි අක්කේ පද පෙල..... මව් ගුණ ගැන හරි අපූරුවට ලියවිලා....
ReplyDeleteඇගැයුමට තුති... නැවත හමුවෙමු
ReplyDeleteනෙතු ,
ReplyDeleteකලින් කවියයි මේ කවියයි එකතු කළාම එන උත්තරේ ගැන මට හිතෙන දේ ඇත්තක් ද?
සමාවෙන්න , කලින් ලියූ දෙයට පිළිතුරක් මෙහි මා බලාපොරොත්තු වෙන්නෑ... ඔබේ ලිවීමේ ශෛලිය ඇත්තටම මා ඇද බැඳ තබනවා..
ReplyDeleteයෝගී, උත්තර මාත් තාම හොයනවා. ඒක නිසා ඒ ගැන මුකුත් කියන්න බැහැ. මේ දේවල් ඇගයීම මට ලොකු සතුටක්
ReplyDeleteකවිය උල්පතක් වුනි
ReplyDeleteකැටයක් රූරා වැටුනි
පද පෙල අපූරුයි.
තිස්ස සොයුරාට මෙදිනවල වැඩ අධිකයි වගේ...
ඔබ ඉල්ලූ තිබූ "මිදි අඹුලයි කියලා" ගිතය මා දැන් upload කලා මෙතැනින් download කරගන්න පුලුවනි.
http://www.mediafire.com/?n3dvigwymuh
ගල්මල්-Coral,
ReplyDeleteආයුබෝවන්...
ස්තූතියි ලින්ක් එකට, දැන්ම ගිහින් අහන්නම්... මගෙ කවි පෙළටම වඩා ඔබේ පද දෙක අගේය.. මා මුළු කවි පෙලින්ම කීමට තතන දෙය ඔබ කැටි කොට කීවා සේය...