Saturday, April 17, 2010

පන්හිඳ

මම වගේ නුහුරු නුපුරුදු කවියන්ට නම් පන්හිඳට වාරු වෙන්න දුක මූලයක් තමයි. ඒත් උදාන ගී ලියන කවියොත් ඕන තරම්. සැපතෙදි නිදහසේ හිතන්න වෙලාවක් නොදෙන තරම් අය අප වටා හිටියත් දුක අපිව තනි කරවනවා. හිතන්න ඉඩ ලබ දෙනවා.. ඒ නිසාවෙන්ම හුඟ දෙනෙක් අතින් මුලින්ම ලියැවෙන්නෙ දුක් ගැනවිලි කියලයි මට හිතෙන්නෙ.. ඉතින් අවසර දුක සන්සිඳින මඟක් සොයා යන්නට....

මට දුකයි..
නුඹ ලියයි...
මගේ දුක තුනී වෙයි
මගෙ හිතේ බර, නුඹට
දරන්නට වූ සෙයයි...
වටකුරුව යුහුසුළුව
නුඹ වදන් ගලපවයි...
සුදු කොළය මත
අළුත් කවිය
හරි ලෙංගතුයි...
ඒ මතට වැක්කෙරුණු
කඳුළු බිඳු ලස්සනයි..
සිතුවමක්...???
නැත..
එයම සිතුවමක් වූ වගයි...
පත් පුරා පිරූ මුත්
නුඹට වෙහෙසක් නොවෙයි..
මගේ පන්හිඳ සදා
නුඹට මම ආදරෙයි.....

4 comments:

  1. ඔය ලියන ගමන් මේකත් බලන්න...
    මේ කවට නම් මම බොහොම කැමතියි... අනායාසයෙන්ම සැබෑ හිතවතෙක් වෙනුවෙන් ලියැවිලා තියනවා.... තමන්ගේම අදහස් උනත් අකුරු කරන්නේ පන්හිඳ නොවෑ...

    ReplyDelete
  2. ඔව් මාත් කැමතිම කවියක් තමයි මේක.. දැන් දැන් යතුරු පුවරුවට හුරු උනත් ඉස්සර තනි උනාම හිතට එන කල්පනාවන් ඇමිණෙන්නෙ පෑනක උදව්වෙන් තමයි.

    ReplyDelete
  3. පද වැල ගොඩාක් සමීප බවක් දැනේ...

    ජීවිතයේ බොහෝ කාලයක් තනිරැක්ක මිතුරු පාකර් Signature ෆවුන්ටන් පෑන... ලියූ නුලියූ දහසක් දේ කොළ මත කුරුටු ගෑ රෝයල් බ්ලූ තින්ත... ඒ මත කඳුලු බිදුවක් වැටුනාම ලොකු වෙලා පෙනෙන අකුරු... ඉන්පසු හිත්පිත් නැති කොළය උරාගන්න ලුණුමිශ්‍ර නිල් තින්ත... ඒ වසා තැනෙන ටයි-අන්-ඩයි විසිත්තම...

    පදපෙල ගොඩාක් රස වින්ඳා.

    ReplyDelete
  4. @ ගල්මල්-Coral,
    ටයි අන් ඩයි විසිත්තම... අපූරු වදන්.. වදනින් වදන චිත්‍රණය කල හැකියි.

    ReplyDelete