Monday, April 19, 2010

හීන




හීන ලස්සන නම් අපි ආසයි. ලස්සන හැම හීනයක්ම හැබෑ වෙනවා නම් තවත් කැමතියි. ඒත් ලස්සන වෙන ආස වෙන තරමටම හීන බිඳ වැටීම සිත් තැවුල් දෙන බව අපිට මතක් වෙන්නෙ හුඟාක් පමා වෙලා. ඒත් අපි හීන දකින එක නවත්වනවා ද?



අහස් ගව් ගනන් උස
නුඹෙ සමනළ හීන
අනෝරා වැස්සකට
සේදිලා නැහැ පාට
බොඳව හීනය සැලෙයි..


අහස දෙස බලා නුඹ
හූල්ලන හඬ ඇසෙයි
තවත් සායම් උලා
පාට කර ලන්න බැහැ
ඔබේ හිත ඉකි ගසන
හඬ ඇසෙයි..


හීනයක කෙළවරේ
කඳුල උරුමය තමයි..

4 comments:

  1. තිස්ස අයියාගේ අඩවිය හරහා තමයි මෙතැනට ගොඩ වැදුනේ. හිතට දැනුනා ඔබේ මේ සංවේදී නිර්මාණ.
    දිගටම ලියන්න.ඔබට ජය.
    හැකිනම් word verification එක ඉවත් කරන්න. කමෙන්ට් කිරීමට පහසුවක් වෙයි.

    ReplyDelete
  2. රේවන්ගේ මග පෙන්වීමෙනුයි මමත් මෙතනට ආවේ...... නිර්මාණ සියල්ලක්ම අගෙයි....... ජය පතනවා ඔබට.... දිගටම ලියන්න සහෝදරී........

    ReplyDelete
  3. Raven & විශ්මි
    ස්තූතියි. මම ඔයාලව දන්නවා. හද ගී පොත හරහා මම නිතර ඔයාලගෙ බ්ලොග් එකට ගොඩ වැදිලා තියෙනවා. ලස්සන හිත් 2ක් එක් වීම ගැන සතු‍ටුයි...

    ReplyDelete
  4. Raven
    ඔන්න දැන් හරි. word verification අයින් කරා. තාම අත පත ගගා ඉගෙන ගන්නෙ.

    ReplyDelete