පෑල දිගින් අන්තිම හිරු රැස් බිඳුවත් වියැකෙද්දී
ගාල් බැඳන් එන කරුවල ලාම්පු එළි දල්වද්දි
සාංකාව පිල් කඩ පැන ගෙයි අහුමුළු ඉවලද්දී
රාත්තිරිය දිගු වෙන බව මගෙ හිත මට කොඳුරද්දී
හීන් සැරේ නෙතු මානෙන් මුළු ගැන්වුණු සිත සිත්තම්
ඇඟිලි තුඩින් පෑන් තුඩට කාන්දු වුණු කව් ගෙත්තම්
රාත්තිරිය පහන් වුණත් නොනිදාලන ලය රිද්දම්
හෙමින් සැරේ ලියා සරමි නන්නාඳුන ලොව නිම්හිම්
සංවේදන ගතකුරු පණකුරු එකිනෙක මුහුකෙරුවම
සංහිඳියාවට ලී කව් නෙක නෙක රිද්මෙන් තීවම
සංවාදය අතර පතර ඒ කව් පද ඔප දැමුවම
සංසාරික ගමන් මගක නව මිතු දම් එක් වූවම
පෑල දිගින් අන්තිම හිරු රැස් බිඳ වියැකී ගියාට
රෑ කරුවල ගාල් බැඳන් මා වටකොට තෙරපුණාට
තනිකම ගෙයි අහුමුල්ලෙම තනියම මුළු ගැන්වුණාට
රාත්තිරිය පහන් වුණා කවි පද වැල් ඇමිණුනාට
Subscribe to:
Post Comments (Atom)

කළුවර ලාම්පුව, අඳුර, කාන්සිය, කවිමුතු වැල්, කවිමිතු දම්... ගැන බොහෝ දේ කියවුන ලස්සන පදවැලක්.
ReplyDeleteමේ මිතුදම් මොන තරම් නම් සුන්දරද... මෙ සයිබර් අවකාශයේ හමුවී මිතුදමක් ඇතිවූ අය එක් රැස් වුණොත්! ඒ මොහොත මොනතරම් ලස්සන වෙන්න පුලුවන්ද...
දහසක් හැඟුම් තෙරපෙන රෑ දිගු වැඩිය..
ReplyDeleteඒ සා හැඟුම් පත් ඉරුවක දිග හැරිය..
ලෙංගතු හිතැත්තන් ගැන පේ කල කවිය..
සත්තයි නගේ නිව්වා මගෙ හිත් පොඩිය..
සුලා..
පෑල දිගින් අන්තිම හිරු රැස් බිඳ වියැකී ගියාම
ReplyDeleteරෑ කළුවර ගාල් බැඳන් අප වටකොට තෙරපුණාට
සඳ සෙවනැල්ලක් වාගෙම හිත ළඟට ම ළංවුණාම
සංසාරික මිතු දම් සොඳුරුයි හදවත් එක් වුණාම
මේ උල්පතෙන් දිය දෝතක් ගන්න මෙච්චර කල් බලාන ඉන්නඕනෑද අප්පා.....
ReplyDeleteසුලා
දිය දෝතක පැන් අවැසිවෙලා
ReplyDeleteබලා සිටිමි ඔබ ලියන තුරා
නෙතු උල්පත ඔබ කොහිද කියා
අසන්න සිතුනි කිමද පමා..??
hello.. friends.. a bit busy these days.. hope to write soon. pls bear with me..
ReplyDelete