ඒඩ්ස් දින
ළමා දින
මව්වරුන් පියවරුන්ගේ දින
පෙම්වතුන්ගේ දින
නොයෙක් වූ දින සමරන
නිමක් නැති තේමා උපදින
තුන්සිය හැටපහක් දින මදි වෙන
නිම් නොවූ විසල් මෙදෙරණ
උපත මරණය අතරින
දිනෙන් දිනකට හතිලන
හුස්මකින් හුස්මකට වෙරලන
උපන්දින පවා නැති උන
දිවි කූඩු මඟ දිගට ඇතිරිණ
සුවිසල් ගුවන් ගැබ
ReplyDeleteපමණක්
හිසට සෙවණක්
ගෙන දෙන
උදා වූ දින ගෙවා ගන්නා
අයුරු පමණක් සිහිවන
උන්ගෙ ලොව
හැම දින ම
ඒක වගේමයි
ඉතින්....
ඇත්ත නේන්නම්......
ReplyDeleteයන්තර මෙන් දුවන
ReplyDeleteමිනිසුන් පිරි ලොව
අනෙකා ගැන සිතන්න
ඉඩකඩ නැති දුර්වලකම
මතුකල වාණිජ ලොක්කෝ
සැරසුවා දින දසුන
සූරන්නට වාසිය කාසියේ...
වසරකට දෙ දිනක් සිහිකර
ලෝක ලමා දිනය
විශ්ව ලමා දිනය
සරසයි මුදල් ගෙන
වසරේ ඉතිරි දින
සරන උන් අසරන...
කාටත් හිතන්න බලකරන හරවත් පද වැලක්
අපූරු නිර්මානයක්...සිහින ලෝකයෙන් හැබෑ ලෝකයට..
ReplyDelete"උපන්දින පවා නැති උන
දිවි කූඩු මඟ දිගට ඇතිරිණ"
සුලා..
දිනක් නම් කර
ReplyDeleteලොවක් රවටන
සැවොම නෙත් අඳ
ලෙසින් දිවයන
කලක් ඒවිද කවදාක හෝ
මහ මඟින් පොඩි පැටව් ගෙට එන..