මේ ටිකේ කවි ලියා ගන්න තරම් නිස්කාංසුවක් නැති නිසා හිතුවා මම කියවපු පහත සඳහන් කවි ටික ඔබ සමඟ බෙදා ගන්න.. වසර දහසයකට පමණ පෙර පාසලේ පුස්තකාලයේ පිටු ගැළව ගිය පොතක තිබූ මේ කවි මගේ හිතේ තවම රැඳී තියෙනවා. සමාවෙන්න ලියූවේ කවුරුන් දැයි නොදනිමි..
අවසන් පෙම (Last Love)
ගෙවෙන දින දෙස බලා
අතිමහත් භක්තියෙන්
අතිමහත් මුදු බවින්
පෙම් කරන්නෙමුය අපි...
සමු ගැන්මෙ සන් එළිය
සැදෑ අහසෙහි නැගී
දිලෙන්
තව තව දිලෙන්
අවසාන ප්‍රේමයේ....
අහස් වියනෙන් අඩක්
අඳුරු ඇඟළුම් ලද්දි
පෑල දිග අහස් කොණ
එල්බ ගත් එළි බිඳක්
බිදින් බිද මුදාලයි
සැඳෑ එලියක කැළුම්....
ඉදින්,
තව තව ඉදින්
නොයා ඉක්මන් ගමන්
සොඳුරු සැන්දෑ එලිය
නහර තුල ලේ ගමන දුබල වුව
හදවතේ මුදු ගුණය නැත ගෙවී
අහෝ!
අමතමි ඔබට මා
අවසන් පෙම,
ප්‍රහර්ශය......
පීඩනය.....
සතුට...... හා
නට පැතුම්......
මේ සියල්ලම ඔබය.
සිහින බිඳ වැටී ගොස් (My former dreams have long since vanished)
සිහින බිඳ වැටී ගොස්
සකල ආශා තුනි වී
මිය ගොස් නිශ්ඵල හදවත
ඉතිරි කර දුක් වේදනා....
ගිළිහිලා පත් පත් කිරුළෙහි
කුරිරුය දෙන පහර දෛවය
සන්තාපය පැමිණ
ගිලගෙන ආත්මය
සිටිමි එන තෙක්
දුකින් අවසානය.....
වහින විට තුහින
මූසල අහස යට
විඳ විඳ සී පහර
ගෙන එන සුළඟ
ශීත මිටි පහර කා ගුලි ගැහී
හිරි වැටී වෙව්ලමින් සැලි සැලී
අත්තක ඇලී ගෙන පතක්
ඉන්නේ හරියටම මේ ලෙසය....
පෙම් කළෙමි මම් ඔබට (I loved you and that love refusing to die...)
පෙම් කළෙමි මම් ඔබට
කවුරු දනිත්ද ඒ පෙම
මරණය පිළිකෙව් කොට
තවම මා තුල
දැල්වෙනු විය හැක ...
නොතැලුවෙමි ඔබ සිත
අදහන්න මා
දැන දැනම කිසිවිටෙක
නොතැලුවෙමි මා ඔබ
ඵලක් නොමලැබෙන බව
දත් නමුදු
නිහඬවම පෙම් කළෙමි ඔබට මා..
තිරසාර මිදු පබා
විහිදුවන මා පෙම,
කුලෑටිය....
ඉසි බවින් බරය...
ප්‍රචණ්ඩය....
දෙවියනි,
දෙනු මැනවි
වෙනත් කෙනෙකුට ශක්තිය
එවන් පෙමකින් ඔබ පුදන්නට.......
Enjoying the Glory of a Star
4 weeks ago
මේවාට හරියන්න පින්තූර ටිකකුත් දැම්මා නම් උපරිමයි
ReplyDeleteඅගේ ඇති පදපේලි ටික, අපිත් එක්ක බෙදාගත්තාට බොහෝම ස්තුතියි.
ReplyDeleteමාර ලස්සනයි නේ මේ කවිත් . . ඒවා ඔයා වගේ කවි කාරියක් ගේ ඇහැ ගැහුනේ අපේ ම හොඳට . . නැති නම් අපි මේ ලස්සන කවි කොහෙන් රසවිඳින්නද . .
ReplyDeleteසොඳුරු කවි උල්පත ඉඩෝරෙට අහුවෙලාවත්ද...???සති කිහිපයකින් නැහැ නොවැ දිය දෝතක්..!!
ReplyDeleteසුලා...
පමාව ගැන කමන්න... ටිකක් විතර වැඩ අධික වකවානුවක්... කවි කියවූ අදහස් පල කල හැමට තුති.. හමුවෙමු නැවත..
ReplyDelete