Sunday, May 23, 2010

සිතුවිලි - "ඇය" සහ "ඔහු"


ඇය........

නිහඬතාවය බිඳින
රිය සක කැරකැවෙන
හඬ පමණි
ඇය මුනිවත රකියි
සිතා දැන් දැන්
ඔහු තෙපළතැයි
මුදු වදනක්
හෙළතැයි මඳ සිනාවක්....
පශ්චත්තාපය
වෙළා මුළු හද මඬල
නෙත් බොඳව
ළය සිරව යනු වැනිය
වියළි තොල්පට
තෙමා දිවගින්
හෙළු සුසුමින් පා කර හරනට
හිතේ වූ බරපොදිය
එක්වනම
රියේ වේගය වැඩි වුයෙන්
නෙත් කොණින් යොමා
ඔහු වෙත බැල්ම
තක්සේරු කරන්නට
ඔහු සිතුවිලි.......
රෑ පුරා වැළපුණෙන්
ඉදිමුණු දෙනෙත් දැවෙනුයෙන්
වසා පිටි අත්ලින්
සිහිල විඳ මොහොතක්
අළුත ඉනු කඳුල ද
තලා පිස එනයින්
ඉදිරියටම ඇදෙන
රියේ කවුළු දොරින්
බලා හිස් බැල්මෙන්
නේක වූ දසුන්
පටලා අතැඟිලි
හිස නවා ගති..........


ඔහු....

සීමා කළ යුතුය
උදය වරුවට මේ සැම
නොවේනම්
සති අන්තයම ගෙවීයයි
මේ අයුරින්ම.........
ඵලක් නැති දෙයකට‍
රැයත් නිදි වැරූ නිසාවෙන්
මඳක් ගිමන් හළ යුතුය
අද සැන්දෑව.......
නළල් තලය ‍රැළි නඟා
සවන් යොමයි
කොහෙන් එන හඬක්ද ඒ
පසුපසින්?
ඉදිරියෙන්?
නෑ නෑ පසුපසින්!
වම ද දකුණ ද?...
ඉදිරිපස පුවරුව දෙස
යොමයි නෙතු
කෙසේ ගිමන් හරින්නද
නඩත්තුව පිණිස
ගෙන යා යුතුමය
අද අදම.....
නැතිනම්,
හෙට සිට දිගටම
කාලයක් නැහැ ඉතින්
ඉක්මණින් යා යුතුයි
තව තවත් වේගයෙන්.....

10 comments:

  1. වෙනස
    හිස නවා ගති ඈ
    සිහින් රතැඟිලි පටලවා ගති
    රිය කවුළු දොර වසා ඇති මුත්
    සිත ඉගිල යයි සොයා මේ කුළු ..:-(

    ReplyDelete
  2. ගැහැණු පිරිමි වෙනස එහෙම තමයි.... ගැහැණිය හැඟීම් (හදවත) සමගත් පිරිමියා බුද්ධි ය( මොළය) සමගත් ජීවත් වෙනව. ඒක හරිම සමබරයි.... ඒකයි ගැහැණියයි පිරිමියයි එත් වෙලා මෙච්චර ලස්සනට ලෝකය හැදුවෙ... මොළයයි හදවතයි එක් වෙලා....

    පිරිමියත් හදවතින් හිතන වේලාවල් තියනව.. ගැහැණිය මොළයෙන් හිතන වෙලාවල් තියනව. මමකීවේ බොහෝ විට වෙන දේ....

    එයා අහල නැද්ද ..."Men Are from Mars, Women Are from Venus" කියල...

    ඔහු ඇයට ආදරේ නැතිව නෙමෙයි... ආදරේම ගැලිල වෙලිල ඉන්නවට වඩා කොච්චර වැඩ තියද ඔහුට...

    තේරුම් ගන්න .. ජීවිතේ ලස්සනයි.......
    ඔයාගේ පද වැලුත් ලස්සනයි..

    මම
    ෴වත්෴

    ReplyDelete
  3. ආහ් ... අමතක වුනා නෙව.. පද වැල කියවන කොට ගීතයක් මතක් වුනා..මට මතක් වුන ගීතය දන්නවද...

    "මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහි ලේනි
    එඹි බලා ......
    රිය කවුළු දොරින්
    යට ගිය දවසේ....
    දෑස ගියා ඉගිලී...."

    ReplyDelete
  4. ජිවමාන ජිවිතයක් කැඩපතක් තුලින් දිස්වෙන රුවක් සේ මතුකරන්න සමත් පද පෙල, අපූරුයි.

    (life together = one)

    ReplyDelete
  5. සුලා මල්ලී ගේ සටහන් වාගෙම...
    මගේ හිත පැහැර ගත්තා... බෙහෙවින්ම...

    සියුම් සංවේදනයන්...
    " වසා පිටි අත්ලින්... සිහිල විඳ මොහොතක්..."

    උස්ව නැගෙන විලාපය නො ඇසෙන අසංවේදී සිත්....
    " කොහෙන් එන හඬක්ද ඒ..."

    හරිමම ලස්සනට හිතේ අඳිනවා...
    අපූරුයි නංගියා...
    සුභ පැතුම්...

    ReplyDelete
  6. මම ....

    මදෑ ....
    තව පොඩ්ඩෙන් මගෙ පස්ස..
    ඒ මදිවට..
    අර යෝධි..
    පුම්බගෙන..මුහුණත් තහඩුව..
    වැහුවෙ නැද්ද..දොර පළුව
    පලාතටම ඇහෙන්න..
    පෑගුව නේද හැටට..
    වලාමේ..
    මම් ඉතිං පළිද...
    මුන්ගෙ මේ ආරෝවට....!

    සුලා..

    ReplyDelete
  7. හහ් හහ් හහ් සුලා... නියමයි...!!!

    ReplyDelete
  8. සුලා අය්යෙ, මරු ඔයාගෙ කවිය නම්..
    නෙතු අක්කගෙ කවිය කියවල දුක හිතිල හිටිය නිසා මම මුකුත් නොකිය හිටිය,

    නෙතු අක්කෙ...
    කාරෙක හොඳවයින් දෙකක් කියල නේද දෙන්නටම...

    ReplyDelete
  9. @ නිමන්ති
    අහලා තියෙනවා වගේ "අලුත ගෙනා මනමාලිය" ?

    @ වත්
    ඇත්ත ජීවිතෙ බර සමබර කරගන්න ඔය දෙවිදියෙන්ම කල්පනා කලයුතුයි. මොළයෙන් සහ හදවතින්. බැරි නැහැ

    @ ගල්මල්-Coral
    කැඩපත තුළින් දු‍ටු රුව මෙන් ජීවිතය දැක විඳින සිත

    @ තිස්ස දොඩන්ගොඩ
    අපූරුයි ඔබෙ එය විඳින හැටිත්... බොහෝ සියුම් තැන්.. බොහෝ සංවේදී අයුරින්

    @ සුලා
    පහත් කළ වා කවුළුවෙන්
    සිහිල ගෙන
    අලුත වට වැහි බින්දුවෙන්
    තෙමුණු බිම
    නව සුවඳ ගෙන
    රත්ව දැවෙනා දෙකන්
    සහ කොපුල ද පිසුව
    දැවැටි ගති සිහිලස සදන්
    අස්වැසුම් නල...

    තුති
    රිය තුළ පීඩනය බින්දාට

    @ චේජනා
    ඒක නේන්නම්... ඇහුනනම් නඩත්තු නෙමේ නාවන්නෙ නෑ හත් අවුරුද්දකට

    ReplyDelete
  10. නුඹෙ කොපුල්තළ පිසුව..
    නැවුම් වූ සුවඳ නල
    අරන් මම් වඩින්නම්
    යාබදවූ අසුන වෙත...
    කියන්නම් කණට කර
    අස්වැසුම් ලද බවක්
    නුඹේ ඔය හිත් පොඩිය...
    ඉතිං දැන් හිනැහියං
    ඔහුට හිරු මඬළක්ව...

    සුලා..

    ReplyDelete