Saturday, May 15, 2010

අස්වැද්දුම

මුලාවෙන් විකල් වී
විසල් මෙ'දියත
දැන නොදැන හසරක්
ගෙවූ කාලය අවසන්

හිරු ‍රැසත් උණුසුම්
මඳ නල වෙළෙයි එනමුත්
සමගුණය ඇති මුත්
නැත එහි කිසිදු ජවයක්......

අකලට වුවද ඵලගත්
නිය ගැසූ දිවි පැතුමන්
වියළි වූ පරඬැල් සෙයින්
දිරාපත් වී බෝ කල්

විහිදවුනු අක් මුල්
ගැඹරෙහි පුරා ඇති මුත්
ජරපත් ව ඇතියෙන්
උදුරුවාලිය යුතුය විගසින්

හෙට ලොව දකිනු වස්
නවමු දිවි පැතුමන්
කෙලෙස නම් අස්වද්දවන්නෙම්
ඉරිතැලුණු හදකින්....

9 comments:

  1. මේ කවි හරිම අගෙයි.

    තිසා තමයි පාර පෙන්නුවේ මෙහෙට එන්න . .

    ඉතින් ඔක්කෝටම කලින් අනිත් අයට ත් පාර කියන්න කියලා හිතලා මගේ මූනු පොතේ දැම්මා . . .

    අපූරු කවි බ්ලොග් එකක් . . . නිමන්තිගේ මන්දාකිණියේ වගේ හරිම ලස්සන පදවැල් . . .

    ReplyDelete
  2. නෙතු දැහැන් බිඳී...
    හද විමන් වදී...
    සුරඟනක් වගෙයි කුමරී...
    සෙනෙහසින් බැඳී...
    සිත ගිමන් නිවී...
    පෙම් කවක් ලියයි මිහිරී...

    ReplyDelete
  3. කවිය ලස්සනයි, ඔබේ වචන හැසිරවීම උපරිමයි.
    ගොඩාක් සිත් ගත්තා.

    ජය.

    ReplyDelete
  4. සිත රිදවු පැතුමන්
    කඳුළු ගී වියමන්
    අතැර සිත් අහසින්
    නගමු නව පියමන්
    සතුට ඇති බවවත්
    නොදන්නා ලෙස දැන්
    කලක් ගතවී ඇතත්
    ඔබ තාම කඳුලින්
    රිදුනු සිත තිබුනත්
    හිතට ගෙන දිරියක්
    ඇයි බැරිද සැබැවින්
    එන්න මා සමගින්

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඉරි තැලුනු හදවතක්
    හැකිනම් තෙමන්නට
    සෝයුරු සිතකින්
    වෑහෙන
    සෙනේ දියෙන්..

    ‍රැ‍ඳෙන්නම් නුඹ
    ළඟ
    මා සෙනේ සිතින
    ආ.........දරණීය නෙතු...........

    ReplyDelete
  7. සමයි නුඹ මට
    බොහෝ සෙයින
    නුඹ දකිවී ඒ
    තවත් එක දිනෙක
    ඉදින් හැකිනම් මට
    ‍රැ‍ඳෙන්නට නුඹ සිත
    කියන් සෙනෙහසින..

    ReplyDelete
  8. @ දුකා
    කවි ලියන නෙතු බලන්න එන්න පාර පෙන්නපු තිසා මහත්තයාත් ඒ පාර දිගේ ඇවිත් කවි කියවන දුකා මහත්තයාත් මේ කවි අගැයුමටත් මට ලොකු සවියක්

    @ තිස්ස දොඩන්ගොඩ
    රළු පොළෝ තලේ
    පය ගසා හිඳිමි
    සුරඟනක් නොවන'මුදු
    සුරන් දකිමි
    පන්හිඳක් ‍රැගෙන
    හද විමන් සරමි
    නෙතු දැහැන් මුදා
    සිත ගිමන් නිවමි



    @ ගල්මල්-Coral
    මේ කවි ඔබෙ සිත් ගත්තේ නම් මගේ ජය එයයි


    @ නිමන්ති
    රිදවුණත් විට විටින්
    නොපුරුදු නොවේ එය ඉතින්
    යමිය කඳු හෙල් මතින්
    නොනැවතී යන මඟ ගතින්
    අමතක නොමැති මතකයන්
    අඳුරු සෙවනැල් ගෙනෙනුයෙන්
    කප් කෙලක් භාවයන්
    මුදාලිය'තුය වර පටින්
    දුක් කවි අතර පතරින්
    ලියූවත් සිත මුදන අටියෙන්
    අත්වැල් බඳිමි සතුටින්
    යන්න ඔබ සමඟින්


    @ චේජනා
    සෙනේ දිය ඉසිමින්..
    ‍රැ‍ඳෙනුය
    ම සිත අසලින්
    සමයි අප බෙහෙවින්
    එය එසේමැයි ඉදින්
    එබැව් කියනට නම්
    තවත් දිනයක්
    අවැසි නැතියෙන්
    ලියන්නම් එය
    අදම සතුටින්
    "සමයි නුඹ මට
    බොහෝ අයුරින්"

    ReplyDelete
  9. හදක ඉරිතැළුනත්
    පාළු සංකා දැනුනත්
    ජවය නැතිබැව් හැඟුනත්
    සිත සවිය නම් නොවෙයි වියපත්

    නෙක රටා අඳිමින
    සුන්දරම පද වියමින
    අප සිත්ගෙන තුටින
    උල්පතේ කවි සතුට පබඳින

    -ජය

    ReplyDelete