Saturday, February 5, 2011

දොර හරින්න

ඉස්සර වගෙ කවි ගොතන්න
පිල් කඩ උඩ ගී අහන්න
ලස්සන සිතුවම් විඳින්න
මං ආවා දොර හරින්න

මංකඩ ළඟ තනි මකන්න
රං තරුකැට එළි ගනින්න
ගං මැදිවල වග අහන්න
පිං ඇති මිතු දම් විඳින්න

හද උල්පත බෙදා ලන්න
සැප දුක මැද කවි ලියන්න
අවකාසෙට මුදාලන්න
දැනමුතු කම් ලබා ගන්න

සංවාදෙට පණ පොවන්න
කල් නැහැ දැන් නිදි වරන්න
හිතවත් කම් අඩු නොවන්න
මේ කව් මල් ඔබට මෙන්න

3 comments:

  1. අනන්ත වගකීම් හා රාජකාරී අතර ගෙවෙන ජීවිතය කාර්ය බහුලයි, අවිවේකීයි. හැමදාම එක වගේ නැහැ. ඒවාට හැඩගැසී ජීවන ගමන ඉදිරියට ගමන් කරන්න වෙනවා. ඉඳහිට ලැබෙන පොඩි විවේකයක දී හිතේ මතුවන සංකල්පනා ඔබේ පන්හිඳෙන් හැඩ ගැන්වී උල්පතින් බුබුලා මතුවීම අලංකාරයි. හරවත්. රසබරයි.

    ඔබේ පන්හිඳ පනපොවන්න
    රසබර පද ගොතන්න
    උල්පතින් බෙදා දෙන්න
    අපි එනවා රසවිඳින්න

    (පදපෙල රසවිඳ ගියේ පසුව සටහනක් කරන අදහසින්. ඒත් රාජකාරී නිසා පමා වුනා)

    ReplyDelete
  2. @ ගල්මල්-Coral
    සියළු රාජකාරි මැද්දෙ හැමදාමත් ඇවිත් මා දිරි ගැන්වීම අගයනවා. සටහනක් ඇතත් නැතත් හිතවත් කම් එලෙසමයි.
    ඔබට තුති සොයුර....

    ReplyDelete