මම බලා සිටියා ඔහේ
හිස් බැල්මකින් හිස් බැල්මකට
ඔය නෙතු නොදුටු උණු කඳුලකට
ඉඩ තබා ගෙන මගෙ කොපුල මත
අකීකරු සුසුමන් සරින්
නුඹ නෙතු නගාවීදැයි බියෙන්..........
නුඹ දුටුවෙ නැතුවට කඳුළු කැට
සීතල වුණා බිම වැටෙන විට
බර සුසුම් පොදි පොදි නැගෙන විට
මිලිනව ගියා හද පැතුම් මල.........
සත් වසක සෙනෙහස හිස තියන්
තව කොයි තරම් නම් දුර බලන්
හදවතේ සීමා පහු කරන්
හිත අද්දරින් වෙන් වී නොයන්.........
අපි හදපු කූඩුව ඉහ තියන්
බෝ දුරක් ආ වග සත්ත නම්
පොඩි පැටවුනුත් අපෙ ළං කරන්
මේ කැදැල්ලෙම ඉමු උණුහුමින්............
තෙරපිය - The Therapy
5 months ago
හදපු කූඩුව සරසමින්..
ReplyDeleteපැමිණි දුක් ගිණි රහ කරන්.
පැදයමන් ජීවන ගමන අද..
දරු පැටව් ටික ළං කරන්..
ලස්සනයි නංගියේ...
සුලා..
මේ පදපෙල ආයාචනයකට වඩා උපදේශයක් හැටියට ගන්න තරම් වටිනා මුතුපෙලක්. ලස්සනයි!
ReplyDeleteකිරිල්ලී කොපමන දුකින් හැඩූවත්, කැදැල්ලේ උණුහුමින් මිදී, හදවතේ සීමා පහුකරන් පියබා යන්න තනනවානම්?.......
ReplyDeleteපොඩි පැටවුනුත් එක්ක අනාගතයට මුන දෙනවා ඇරෙන්න, හඩා වැලපීමෙන් පලක් වෙද?