වරද...
කොහිදැයි සොයමි
මුනිවත....!!!
පිළිවදන්...
නොමැත්තෙන්
යළි යළිත්නොවිමසා
ගොළුවතට ඉඩ හලෙමි
ටික් ටික් ටික්
දවස ලිස්සා යමින්
හරි හෙමින්
පිළුණු වී
තව දිනක්
තව බරක්
උර මතට
දහවලක
පීඩනය
කර මතට
කොළ හැළුන
මල් වැරුව
කඳ මැද්ද
බොල් වෙච්ච
ගහක් නම්
තව මොකට
කොළත් නැති
මලුත් නැති
එපමණක්???
නැහැ නෙවද
අරටුවක්..
මුල් දිරන
තරම් කල්
දරා ගෙන
වැහි හුළඟ
ඉර අව්ව පායද්දි
අයාගෙන දිරන කය
මූසලම හිම එක්ක
කුණාටුව ආවාම
තව ඉතින්
මක් වේද???
මගේ බස
58 minutes ago

කොළ හලා
ReplyDeleteහිම දරන
දළුලා
කොළ පිරෙනා
මලින් දිලෙන
පලින් පිරෙනා
ගහ
ජය ගනී
වෙනස් වාරයන්
ලොව වෙනස් නොවන එකම දෙය "වෙනස්වීම"
ReplyDeleteසනාතන ධර්මය එයයි...
සුලා..