ඉස්සර වගෙ කවි ගොතන්න
පිල් කඩ උඩ ගී අහන්න
ලස්සන සිතුවම් විඳින්න
මං ආවා දොර හරින්න
මංකඩ ළඟ තනි මකන්න
රං තරුකැට එළි ගනින්න
ගං මැදිවල වග අහන්න
පිං ඇති මිතු දම් විඳින්න
හද උල්පත බෙදා ලන්න
සැප දුක මැද කවි ලියන්න
අවකාසෙට මුදාලන්න
දැනමුතු කම් ලබා ගන්න
සංවාදෙට පණ පොවන්න
කල් නැහැ දැන් නිදි වරන්න
හිතවත් කම් අඩු නොවන්න
මේ කව් මල් ඔබට මෙන්න
Enjoying the Glory of a Star
4 weeks ago
අනන්ත වගකීම් හා රාජකාරී අතර ගෙවෙන ජීවිතය කාර්ය බහුලයි, අවිවේකීයි. හැමදාම එක වගේ නැහැ. ඒවාට හැඩගැසී ජීවන ගමන ඉදිරියට ගමන් කරන්න වෙනවා. ඉඳහිට ලැබෙන පොඩි විවේකයක දී හිතේ මතුවන සංකල්පනා ඔබේ පන්හිඳෙන් හැඩ ගැන්වී උල්පතින් බුබුලා මතුවීම අලංකාරයි. හරවත්. රසබරයි.
ReplyDeleteඔබේ පන්හිඳ පනපොවන්න
රසබර පද ගොතන්න
උල්පතින් බෙදා දෙන්න
අපි එනවා රසවිඳින්න
(පදපෙල රසවිඳ ගියේ පසුව සටහනක් කරන අදහසින්. ඒත් රාජකාරී නිසා පමා වුනා)
@ ගල්මල්-Coral
ReplyDeleteසියළු රාජකාරි මැද්දෙ හැමදාමත් ඇවිත් මා දිරි ගැන්වීම අගයනවා. සටහනක් ඇතත් නැතත් හිතවත් කම් එලෙසමයි.
ඔබට තුති සොයුර....
Lassanayi godak Lassanayi :)
ReplyDelete