Sunday, June 13, 2010

දින




ඒඩ්ස් දින

ළමා දින

මව්වරුන් පියවරුන්ගේ දින

පෙම්වතුන්ගේ දින

නොයෙක් වූ දින සමරන

නිමක් නැති තේමා උපදින

තුන්සිය හැටපහක් දින මදි වෙන

නිම් නොවූ විසල් මෙදෙරණ
උපත මරණය අතරින

දිනෙන් දිනකට හතිලන

හුස්මකින් හුස්මකට වෙරලන

උපන්දින පවා නැති උන

දිවි කූඩු මඟ දිගට ඇතිරිණ

5 comments:

  1. සුවිසල් ගුවන් ගැබ
    පමණක්
    හිසට සෙවණක්
    ගෙන දෙන
    උදා වූ දින ගෙවා ගන්නා
    අයුරු පමණක් සිහිවන
    උන්ගෙ ලොව
    හැම දින ම
    ඒක වගේමයි
    ඉතින්....

    ReplyDelete
  2. ඇත්ත නේන්නම්......

    ReplyDelete
  3. යන්තර මෙන් දුවන
    මිනිසුන් පිරි ලොව
    අනෙකා ගැන සිතන්න
    ඉඩකඩ නැති දුර්වලකම
    මතුකල වාණිජ ලොක්කෝ
    සැරසුවා දින දසුන
    සූරන්නට වාසිය කාසියේ...

    වසරකට දෙ දිනක් සිහිකර
    ලෝක ලමා දිනය
    විශ්ව ලමා දිනය
    සරසයි මුදල් ගෙන
    වසරේ ඉතිරි දින
    සරන උන් අසරන...

    කාටත් හිතන්න බලකරන හරවත් පද වැලක්

    ReplyDelete
  4. අපූරු නිර්මානයක්...සිහින ලෝකයෙන් හැබෑ ලෝකයට..

    "උපන්දින පවා නැති උන
    දිවි කූඩු මඟ දිගට ඇතිරිණ"

    සුලා..

    ReplyDelete
  5. දිනක් නම් කර
    ලොවක් රවටන
    සැවොම නෙත් අඳ
    ලෙසින් දිවයන
    කලක් ඒවිද කවදාක හෝ
    මහ මඟින් පොඩි පැටව් ගෙට එන..

    ReplyDelete