බඹරුනට මඟ හැරුණු
පෙති හැළුන කුසුමකට
ඇල් මැරුණු පින්නෙ
සිහිලස කුමට...
හිරු තැවුල ගිනි ලෑව
මල් රේණු පිස නැගුණ
මඳ පවනෙ තවත්
සුවඳක් කොහිද...
හාදු අමතකව ගිය
ශේෂ වූ මල් පෙත්ත
පාට කිමදැයි
කුමට විමසම්ද...
උදා වන සරත් කල
ලං වෙද්දි
නිමා වෙන වසන්තය
මෙය නොවෙද...
අයිස් කුට්ටියක් උඩ - The Tip Of The Iceberg
4 days ago

වසන්තය ගෙවී ඇත
ReplyDeleteතවත් සෘතුවක් පැමින ඇත.
තව මාස ගනනකින්
උදා වේ යලි වසන්තය..
සිසිල උණුසුම අතර බන්දා
ReplyDeleteලොව සම සතර රන්ඳා
ලොව නිති වෙනස පහදා
කඳුළු නිති නොව සැමදා
හාදු අමතකව ගිය..
ReplyDeleteවසන්තය මෙයම වෙත...