හිතක බර වැඩි හන්ද
හිලව් වුණු ජීවිතය
ඵල නොගෙන අතරමඟ
නතර කළ කාරණය
මඟහැරුණු ආත්මය
ඵල දරපු අවාරය
මුලා කළ තරමටම
රඳා දුන් ආදරය....
මුවා වී සැඟවුණත්
සඳ නැතිද අමාවක
අවරගිර සැඟවුණත්
හිරු නැතිද නිසාවක
දිදුලමින් නොසැලුණත්
තරු නැතිද දවාලක
අපට අමතක වුණත්
මතක ඇත ඉසව්වක
වේගයෙන් මියැදුණත්
ඉරි තලන විදුලියක
සැනසුමක සහනයෙන්
ඉසිඹුලන නිමේශෙක
නැතිවුණත් ඇතිවෙමින්
අතරතුර විරාමෙක
ශිලාවක ලියූමෙන්
මතක දුර දනව්වක
අයිස් කුට්ටියක් උඩ - The Tip Of The Iceberg
4 days ago

ලස්සන කවි සංකල්පනාවක් !!!!
ReplyDelete