Saturday, February 5, 2011

දොර හරින්න

ඉස්සර වගෙ කවි ගොතන්න
පිල් කඩ උඩ ගී අහන්න
ලස්සන සිතුවම් විඳින්න
මං ආවා දොර හරින්න

මංකඩ ළඟ තනි මකන්න
රං තරුකැට එළි ගනින්න
ගං මැදිවල වග අහන්න
පිං ඇති මිතු දම් විඳින්න

හද උල්පත බෙදා ලන්න
සැප දුක මැද කවි ලියන්න
අවකාසෙට මුදාලන්න
දැනමුතු කම් ලබා ගන්න

සංවාදෙට පණ පොවන්න
කල් නැහැ දැන් නිදි වරන්න
හිතවත් කම් අඩු නොවන්න
මේ කව් මල් ඔබට මෙන්න