දොඩමලු වු හදතුල
කකියා නැඟෙන පපුතුර
සියළු සැම දේ කැටි කොට
වදන් ලෙස මින් පිට කරන්නම්....
දිවි පමණ රැක ගෙන
රිසි හැම දෙයින් සමු ගෙන
නික්මන්ව ආ දින සිට
ඔප නොදා සිටියෙන....
මොට වූ බසින් ලියනෙමි
වැරදි වැරදි නැගිටිමි
දෙන ඔවා අගයමි
කියවන සැමට තුති දෙමි.
තෙරපිය - The Therapy
11 months ago
සිත් ගත්තා ඔබේ ශෛලිය... මේ බ්ලොග් අවකාශේ මට හමුවුනු කවියන් , කිවිඳියන් ළඟ තියෙන එකිනෙකාට වෙනස් සුන්දර ශෛලීන් අතරේ ඔබටත් විශේෂ ආකෘතියක් තියෙනවා.
ReplyDeleteපසුගිය සති කීපයේ වැඩිය සැරිසරන්නට කාලයක් නොවූ නිසා මේ අඩවිය මට මගහැරෙන්නට ඇති.
දිවි-කවි දෙකම රැකගෙන
ආ වග දැනෙනු විලසින
ලබැඳි කව් පබඳින
ඔප නොදැමු බැව් කෙළෙස පැවසෙන...
දැන් ඉතින් ඔබව බලන්නත් හැකි හැමදාම එන්නම්..
-ජය
යෝගී,
ReplyDeleteස්තූතියි බලන්න ආවට.. ඔබ ලියූ මලීගෙ ලියුම මාත් කියෙව්ව.. අදහස් පල කලාද කියා මතක නැහැ.. නමුත් තවමත් මතක් වෙද්දි හිනා..
ඔයා ලියන බව මම දන්නෙත් ඔයා ආවම නෙ..
ReplyDeleteමාත් හොයාගෙන ආව ඔයාව..ආයෙමත් එන්නම්...
ලස්සනයි දැන් ඉතින් දිගටම මෙ අවකාශයෙ ඔබව හමු වෙවි...
ReplyDeleteරවා
ReplyDeleteස්තූතියි ගොඩ වැදුණට..