බඹරුනට මඟ හැරුණු
පෙති හැළුන කුසුමකට
ඇල් මැරුණු පින්නෙ
සිහිලස කුමට...
හිරු තැවුල ගිනි ලෑව
මල් රේණු පිස නැගුණ
මඳ පවනෙ තවත්
සුවඳක් කොහිද...
හාදු අමතකව ගිය
ශේෂ වූ මල් පෙත්ත
පාට කිමදැයි
කුමට විමසම්ද...
උදා වන සරත් කල
ලං වෙද්දි
නිමා වෙන වසන්තය
මෙය නොවෙද...
දූර්-කල්මතු බලකොටුවේ නොනිදන සෙවණැල්ල
8 hours ago
